Local

ආර්ථික කමිටුවක් තියෙනවා, විශේෂඥයන් ඉන්නවා කියා අන්තිමේ ජනාධිපතිම මුදල් ඇමතිකම අරන්..

Friday, 22 November 2024 - 8:17 pm

ආර්ථික කමිටුවක් ගැන කී ජනාධිපතිවරයා එය නොසලකා හැර මුදල් ඇමැති ධුරය භාරගැනීම රටේ ජනතාව මුලා කිරීමක් ලෙස සැලකිය හැකි බව සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී සිටින ප්‍රසාද් සිරිවර්ධන මහතා පැවැසීය.

එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ඒ මහතා මේ බව කී අතර එහිදී ඔහු මෙසේද කීය.

වර්තමාන ජනාධිපතිවරයා මුදල් ඇමැති ධුරය භාරගෙන තිබෙනවා. ජනාධිපතිවරයා මුදල් ඇමැති ධුරය භාරගැනීම හරහා මම විශ්වාස කරනවා ජනාධිපතිවරයා නැවත රටේ ජනතාව මුලා කළා කියලා. ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා ඔවුන්ට ආර්ථික කමිටුවක් තිබෙනවා. එහි ආර්ථික විශේෂඥයින් සිටිනවා කියලා ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා කුමන පදනමකින් මුදල් ඇමැති ධුරය භාරගත්තාදැයි අපට ප්‍රශ්නයක් ඇති වෙනවා. ජාතික ජනබලවේගය ඡන්දයෙන් පෙර සහ ඡන්දයෙන් පසුව රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වෙනත් මතයක් දරන බව එයින් පැහැදිලි වෙනවා.

සමගි ජන බලවේගයට ලක්ෂ 42 ක් ජනාධිපතිවරණයේදී ඡන්දය ලැබුණා. ඒ ලක්ෂ 42 මෙවර මහ මැතිවරණයේදී ඡන්ද පොළට ගියේ නෑ. ඒක නායකයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ජනාධිපතිවරණයක් පරාජය වුණ ගමන් අපේ පාක්ෂිකයන් ඡන්දය ප්‍රකාශ කරන්නේ නෑ. ඒක පොදු ගුණාංගයක්.

ඡන්දයක් පරාජය වුණාට පස්සේ ඊළඟ ඡන්දයට පාක්ෂිකයන් ගෙනියන්න පුලු‍වන් ක්‍රමයක් සකස් කරන්න ඕන. ඒ නිසා අපි පරාජය වන අවස්ථාවල ජයග්‍රාහි පාර්ශ්වවලට විශාල බලයක් ලැබෙනවා. එයින් නායකයා පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙන්නේ නෑ. පක්ෂ යාන්ත්‍රණයේ වෙනස්කම් රැසක් සිදුකළ යුතුව තිබෙනවා. ජයග්‍රාහනයේදී ලබන දේවල් සහ පරාජයේදී ලබන දේවල්වලට සැලසුම් සකස් කරගැනීමට සමගි ජනබලවේගයට අවශ්‍ය වී තිබෙනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT