Local

රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරනවා

Wednesday, 07 February 2024 - 7:54 am

රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් මෙරට ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

මෙම වසර අවසානය වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙසේ ද පැවසීය,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවර ආර්ථිකයක් ඇති කිරීමේ දැක්මට අනුව තරගකාරී නව වෙළෙඳපොළවල් සමඟ ගිවිසුම් ඇති කරගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එය සෘජුව දායක කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

එහි ඓතිහාසික පියවරක් ලෙස තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට පසුගියදා ඇතුළත් වුණා. ශ්‍රී ලංකාව මේ වනවිට කෝටි විසි දෙකක වෙළෙඳපොළක් වෙනුවෙන් කටයුතු කර තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

 

නමුත් ලෝකයේ විශාල වෙළෙඳපළවල් තිබෙනවා. දියුණු වූ ආර්ථිකයන් ඇති රටවල් එම විශාල වෙළඳපළවල් සමඟ ගනුදෙනු කරමින් තම ආර්ථිකය ශක්තිමත් කරගෙන තිබෙනවා. වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවල් අද වන විට ශක්තිමත් ආර්ථිකයක හිමිකම් කියන්නේ ලෝකයේ විශාල වෙළෙඳපළවල් සමඟ නිදහස් ආර්ථික ගිවිසුම් ඇතිකර ගනිමිනුයි. එමඟින් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකියි.

1991 වසරේ දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන තුනක් පමණ වුණා. බංග්ලාදේශය සහ වියට්නාමයත් එම කාල වකවානුවේදී ඊට ආසන්න අගයක පැවතුණා. නමුත් 2022 වසර වන විට වියට්නාමයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 373ක් බවට පත් වී තිබෙනවා. මේ සියල්ලටම හේතුව ඔවුන් අපනයන ආර්ථිකය ශක්තිමත් කර ගැනීමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියාවේ රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළක නිරතව සිටිනවා. එය සාර්ථක කර ගැනීමට හැකි වුණහොත් ශ්‍රී ලංකාවට නොවැටෙන ආර්ථිකයක් ඇතිකර ගත හැකියි.

පසුගියදා තායිලන්ත අගමැතිවරයා සමඟ පැමිණි දූත පිරිස ශ්‍රී ලංකාව සමඟ නිදහස් වෙළෙද ගිවිසුමට පමණක් නොව ආයෝජන අවස්ථාවන් රැසකට ද අත්සන් තබා තිබෙනවා. මෙහිදී එක් පැත්තකින් අපනයනය ශක්තිමත් වන අතරම ලංකාවේ ආයෝජන අවස්ථා ඉහළ යාම ද සිදු වෙනවා.

එම නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට ධීවර, සංචාරක, කෘෂිකර්ම හා පුනර්ජනනීය බල ශක්ති පිළිබඳ ආයෝජනයන් විශාල සංඛ්‍යාවක් ලැබීමට නියමිතයි.

තායිලන්තය විසින් තාක්ෂණික සේවාවන් සැපයීමටද එකඟතාව පළ කර තිබෙනවා. මේ වසර අවසානය වන විට ඉන්දියාව, චීනය, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මැලේසියාව හා වියට්නාමය සමඟත් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමටත් සමෘද්ධිමත් ලංකාවක් ඇති කිරීමේ පළමු පියවර තැබීමටත් හැකියාව තිබෙනවා.

ලෝකයේ රටවල තිබෙන විශාල වෙ‍ළෙඳ පොළවල් සමඟ ගනුදෙනු සිදුකරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හැකියාව ද තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT