Local

ඉසුරුපාය වැටලූ ගුරු විරෝධතාව ආණ්ඩුව අපහසුතාවට පත් කරන කුමන්ත‍්‍රණයක්..- ඇමති මහින්ද ජයසිංහ

Wednesday, 04 December 2024 - 8:15 pm

ජාතික ජන බලවේගය ආණ්ඩුව කිසිදු අවස්ථාවක රාජ්‍ය සේවාවට බලපෑම් නොකරන 200 වගකී- මෙග් ප්‍රකාශ කරන බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

මෙරට රාජ්‍ය සේවකයාට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. රාජ්‍ය සේවාව ගැන පොදු ජනතාව තෘප්තිමත් නැහැ. රාජ්‍ය සේවාවේ සියයට 80ක් පිරිසක් මාලිමා ආණ්ඩුව පත් කර ගැනීමට කටයුතු කළා. රට ගොඩනැඟීමට ඔවුන් දායක වුණා. ජනතාව සතුවට පත් වන ආකා- රයේ රාජ්‍ය සේවාවක් ස්ථාපිත කළ යුතුයි.

උපහාර දැක්වීම යනාදිය බලහත්කාරයෙන් නොකළ යුතුයි. රාජ්‍ය සේවාව පැත්තෙන් ගත් විට ඇතැම් විට ව්‍යවස්ථාමය ගැටලු තිබෙනවා. ජාතික වැටුප් ව්‍යුහයක් සකසා වැටුප් විෂමතා වන්ට ගැටලු සොයන්න අපි කටයුතු කරනවා.

උසස් වීම්, ස්ථාන මාරු ගැටලු තිබෙනවා. වැඩ කරන ජනතාව නොයෙක් ගැටලුවලට දෙනවා. ලක්ෂයක් පමණ ගුරුවරුන්ට මොඩියුලර් කියන සංකල්පය නිසා උසස් වීම් ලබන්නට නොහැකිව තිබේනවා. ඒ නිසා ඒවා කඩිනමින් නිරාකරණය කළ යුතුයි.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් උද්ඝෝෂණයක් කළා. ඒ මොහොතේ එය නොවිය යුතු දෙයක්. තුන්වැනි අමාත්‍ය මණ්ඩලය තමයි අපි රියේ රැස් වුණේ. භාරකාර ආණ්ඩුවක් යටතේ තමයි ඔවුන් මීට පෙර සාකච්ජා කර තිබුණේ. සැලසුම්
සහගත තත්ත්වයක් තුළ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට මෙසේ හැසිරුණේ කියන ගැටලුව අපට තිඛෙනවා.’


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT