Local

බිත්තරයක් රු.35ට අඩුවෙන්

Monday, 01 April 2024 - 7:48 am

දේශීය බිත්තරයක මිල ඉදිරි කාලයේ දී රුපියල් 35කට වඩා අඩු වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසයි.

දේශීය බිත්තර නිෂ්පාදනය මේ වන විට සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇතැයි බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය අනාවරණය කර ඇති අතර, සාමාන්‍යයෙන් මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර ලක්ෂ 65ක් වන අතර දැනටමත් දේශීය කුකුළු ගොවිපොළවල බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 ඉක්මවා ගොස් ඇතැයි පෙන්වා දෙයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ගනු ලැබූ දීර්ඝකාලීන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් මෙම සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වූ බැවින් ඉදිරියේ දී දේශීය බිත්තරයක මිල රුපියල් 35ට වඩා අඩු වනු ඇතැයි ඇමැතිවරයා කියයි.

මේ වන විට දේශීය වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 42- 48 දක්වා මිල ගණන යටතේ අලෙවි කෙරේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී දේශීය කුකුළු බිත්තරයක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇතැයි ඇතැම් පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම් විවිධ ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණද විශේෂයෙන් අලුත් අවුරුදු සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙඳපොළට සැපයීමට පියවර ගන්නා බවත් අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි. මෙරටට වාර්ෂිකව අවශ්‍ය මව් සතුන් සංඛ්‍යාව 85,000ක් වුවත් මේ වන විට සියලු කුකුළු ගොවිපළවල සිටින මව් සතුන් සංඛ්‍යාව 135,000 ඉක්මවා ගොස් ඇති අතර සියලුම කුකුළු ගොවිපොළවල කුකුළු පැටවුන්ගේ ධාරිතාවය සියයට සියයකින් සම්පූර්ණ කර තිබෙන බව කුකුළු මස් හා බිත්තර මිල සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පසුගිය 29 දා පැවැති රැස්වීමක දී ඇමැති මහින්ද අමරවීර වෙත කරුණු අනාවරණය වී තිබිණි. එමෙන්ම කොවිඩ් 19 වසංගත සමයේ දී වසා දමන ලද කුකුළු ගොවිපොළ සියල්ල ද මේ වන විට සක්‍රියව පවතින බව ද එහිදී අනාවරණය වී තිබේ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT