ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් 90% ක් සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
ඒ අනුව මන්ත්‍රීවරුන් 60 කට වැඩි සංඛ්‍යාවක් ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වුවත්, මේ අවස්ථාවේ හොඳම අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.