දුම්රිය එන්ජින් සහ මැදිරි නිසි ලෙස නඩත්තු නොකිරීම බොහොමයක් දුම්රිය පීලි පැනීම් වලට හේතුවී ඇතිබව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය.
දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම ද දුම්රිය පීලි පැනීමට හේතුවී තිබේ.
කාර්ය මණ්ඩල සහ අමතර කොටස් හිග වීම හේතුවෙන් නඩත්තු කටයුතු නිසි ලෙස සිදුකිරීමට නොහැකි වී තිබේ.
තාක්ෂණික නිලධාරීන් සහ අධීක්ෂණ නිලධාරීන්ගේ දැඩි හිඟයක් පවතින බව පැවසීය.
වසරේ ගතවූ කාලය තුළ දුම්රිය පීලි පැනීම් 76ක් සිදුව ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.