Local

නිල ඡන්ද පත‍්‍රිකා ලක්‍ෂ තුනක් තැපෑලේ හිරවේ…

Saturday, 21 September 2024 - 9:12 am

නිවෙස්වලට බෙදීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්‍ෂ 3ක් රටපුරා තැපැල් කාර්යාලවල ගොඩගැසී තිබූ බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.

පනස්දහසකට අධික පිරිසක් තම අනන්‍යතාව තහවුරු කර ඡන්ද දැන්වීම් පත්‍රිකා රැගෙන ගොස් ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

නිවෙස්වලට ගොස් ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම මැතිවරණ නීතියට අනුව ඉකුත් 14දා අවසන් කළ බව තැපැල්පතිවරයා පැවසීය.

ඡන්ද කාඩ් හිමිකරුවන් නිවෙස්වල නොසිටීම නිසාත් අත්සන් කොට ඒවා භාරදීමට නොහැකි වූ නිසාත් මෙසේ ගොඩගැසී ඇති ඡන්ද කාඩ් ළඟම තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාව තහවුරුකර ලබා ගැනීමට හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

ඡන්දය පැවැත්වෙන 21 වැනිදා ද දිවයිනේ සියලු තැපල් කාර්යාල විවෘත බවත් එදින ද තම අනන්‍යතාව තහවුරු කර එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බවත් හෙතෙම කීය.

මීට දින කීපයකට පෙර තැපැල් කාර්යාලවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්‍ෂ 5කට අධික ප්‍රමාණයක් ගොඩගැසී තිබිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT