Local

ලොහාන් පසුපස වැලක් ඇදේ.. ගාල්තැන්න කපුවා අත්අඩංගුවට.. වාහන අංගනයක් සොයාගනී…

Monday, 04 November 2024 - 7:18 pm

මහනුවර දිගන ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ සුඛෝපභෝගී ජීප් රථය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන කපුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ජීප් රථය අතහැර දමා ගොස් තිබියදී පසුගිය පළමුවැනිදා තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගෙන ගෙන තිබින.

ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් එම වාහනය කපු මහතාට එය ලබා දී ඇති බව සදහන් කර ඇත.

රත්වත්තේ ඒ මහතාගේ මියගිය පෞද්ගලික දේකම්වරයා දැනට මාස තුනකට පමණ පෙර මෙම ජීප් රථය ලබා දුන් බවට කපුවා ප්‍රකාශ කර ඇතත් එය වසරකට වැඩි කාලයක් තිස්සේ ඔහු සතුව තිබී ඇතැයි තොරතුරු පොලිසිය හෙළිකරගෙන ඇත.

මෙම කපුවාගේ වාහන අංගනයක් තුළ සුපිරි වාහන 16ක් තිබී ඇති අතර ඒවායේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මකයි.

සිදුවීම සම්බන්ධයෙන් කපුවා තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 11 වැනි දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT