Local

ඉස්ලාම් අන්ත­වා­දීන්ගේ වැඩ­ව­ලට යොදා­ගත් බේරු­වල – දෙහි­වල සුපිරි නිවාස දෙකේ හිමි­ක­රු­වන් සොයා විම­ර්ශන

Saturday, 24 February 2024 - 9:42 am

අල්ක­යිඩා ත්‍රස්ත සංවි­ධා­නයේ සහ ජාතික තවු­හිද් ජමාත් සංවි­ධා­නයේ නීති­වි­රෝධි කට­යු­තු­ව­ලට භාවිත කළ රුපි­යල් කෝටි ගණ­නක් වටිනා බේරු­වල සහ දෙහි­වල පිහිටි සුඛෝ­ප­භෝගි නිවා­ස­වල හිමි­ක­රු­වන් දෙදෙ­නකු සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා ඉදි­රියේ කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව, 2005 අංක 25 දරන ත්‍රස්ත­වා­දීන්ට මුදල් සැප­යීම මැඬ­පැ­වැ­ත්වීමේ සම්මුති පනත යටතේ බේරු­වල නිවෙසේ අයි­ති­කරු වන මොහො­මඩ් හාසිම් ඉබ­තුල්ලා සහ දෙහි­වල නිවෙසේ හිමි­කරු වන මොහො­මඩ් ඉති­සාමි ඉබ­තුල්ලා යන අය සම්බ­න්ධ­යෙන් මේ විම­ර්ශ­නය ආරම්භ කළ බව ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රයේ මහ­මො­ළ­කරු වන මොහා­මඩ් සහ්රාන් යන අයගේ ත්‍රස්ත සංවි­ධා­නය වන ජාතික තවු­හිද් ජමාත් සංවි­ධා­නයේ සහ අල්ක­යිඩා ත්‍රස්ත සංවි­ධා­නයේ කට­යුතු වෙනු­වෙන් අංක 43, රාජ­සිංහ මාවත දෙහි­වල ලිපි­න­යෙහි පිහිටි සුඛෝ­ප­භෝගී නිවෙ­සත්, අංක 96, චීන කොටුව පාර, බේරු­වල ලිපි­න­යෙහි පිහිටි දෙම­හල් නිවෙ­සත් භාවිත කිරීම සඳහා එහි හිමි­ක­රු­වන් වන මොහො­මඩ් ඉති­සාමි ඉබ­තුල්ලා සහ මොහො­මඩ් හාසිම් ඉබ­තුල්ලා යන දෙදෙනා අව­ස්ථාව සලසා දී ඇති බවද ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබේ.

මේ සුඛෝ­ප­භෝගී නිවා­ස­වල හිමි­ක­රු­වන් දෙදෙනා මේ වන විට මෙර­ටින් පලා­ගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා බ්‍රිතාන්‍ය පුර­වැ­සි­භා­වය ගෙන ඇති බවත්, මොවුන් අදාළ ත්‍රස්ත සංවි­ධාන සදහා රුපි­යල් කෝටි ගණ­නින් මුදල් ආධාර දී ඇති බවට සිදු කළ විම­ර්ශ­න­ව­ලින් හෙළි වූ බැවින් මේ විම­ර්ශ­නය ආරම්භ කළ බවත් ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බන්ධ විම­ර්ශ­න­ව­ලදී මේ පුද්ග­ල­යන් දෙදෙනා පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය වූ අතර, මෙරට ව්‍යාපා­රි­ක­යන්ව සිට මේ වන විට ඔස්ට්‍රේ­ලි­යා­නු­වන් ලෙස එරට ජීවත් වන අහ­මඩ් ලුක්මාන් තාලිබ් යන අයද මොවුන් සමඟ සම්බන්ධ වී තිබූ බවට හෙළි වී ඇතැ­යිද ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

මේ තිදෙ­නාම මෙරට ඉස්ලා­මීය තරු­ණ­යන් විදේ­ශීය ත්‍රස්ත­වාදී සංවි­ධාන වෙත යොමු කර අවි පුහු­ණුව දී මෙරට තුළ ප්‍රචණ්ඩ අන්ත­වාදි මත­වාද ප්‍රචා­රය කරවා ඇති බවත්, ජාතික තවු­හිද් ජමාත් සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් වන මොහො­මඩ් ඊබ්‍රා­හිම් සාදික් අබ්දුල්ලා, හිස්බුල්ලා ඛාන් අහ­මඩ්, මොහො­මඩ් ශිරාන්, ආම්ස්ඩීන් හනාන් නමැ­ත්තන් එක්ව අදාළ දෙහි­වල සහ බේරු­වල පිහිටි නිවා­ස­ව­ලට එක්රැස්ව සාකච්ඡා පවත්වා කට­යුතු කර ඇති බවත් ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT