Business

ලංකාවට එන සංචාරකයින් වීසා ගන්නේ කොතැනින් ද?

Wednesday, 07 August 2024 - 10:30 pm

විදේශිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමේ දී අවශ්‍ය කෙරෙන වීසා ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ වෙබ් අඩවිය මේ වන විට අත්හිටුවා තිබේ. ඒ හේතුවෙන්, අනේවාසිකයින් හට මෙරට වීසා ලබා ගන්නා ආකාරය  පිළිබඳ ගැටළුකාරීත්වයක් මේ වන විට උද්ගතව ඇත. අදාළ වෙබ් අඩවිය වන www.srilankaevisa.lk වෙත පිවිසීමේ දී එහි කටයුතු අගෝස්තු 02 දින සිට අත්හිටුවා ඇති බවට නිවේදනයක් ප්‍රදර්ශනය වේ.

මෙම වේදිකාවේ මෙහෙයුම්කරුවන්ට එරෙහිව අධිකරණය විසින් වාරණ නියෝග කිහිපයක් නිකුත් කර ඇති හෙයින් එහි කටයුතු මෙලෙස අත්හිටුවා ඇති බව එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

මේ සම්බන්ධයෙන් අද (07) දින පාර්ලිමේන්තුවේ දීද කතාබහට ලක් වූ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මෙලෙස සිය අදහස් දැක්වීය.

“මේ සුප්‍රීම් කෝට් නියෝගය ලැබුණාට පස්සේ, ආගමන විගමන පාලක කරලා තියෙන වැඩේ මේකයි. එතුමන් තමයි අර කලින් තිබුණු වෙබ් සයිට් එක, www.eta.gov.lk කියන වෙබ් සයිට් එක, ඒක ඇවිල්ලා රජය වගකීම් දරන රජයේ වෙබ් සයිට් එකක්. දැන් මේ ගනුදෙනුව අත්හිටුවලා තියෙන බැවින්, මේ ව්‍යාජ කොම්පැනීස්වලට උදව් කරන සේ දැන් මේ වෙබ් සයිට් එක re-direct කරනවා ප්‍රයිවට් වෙබ් සයිට් එකකට. www.srilankaevisa.lk, ඒක හරවලා යවන්නේ කොහේවත් නැති කම්පැනියකට.“

www.srilankaevisa.lk වෙබ් අඩවියට පිවිසීමේ දී පහත සඳහන් නිවේදනය දැක්වෙන අතර  එහි සඳහන් ආකාරයට වැඩිදුර තොරතුරු සඳහා https://www.immigration.gov.lk/index_e.php වෙබ් අඩවියට ප්‍රවේශ වුවද, එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ, “2024 අප්‍රේල් මස 17 වන  දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට පැමිණෙන සියළුම සංචාරකයින්ට හා ව්‍යාපාරික සංචාරකයින්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා ඉලෙක්ට්‍රොනික වීසා බලපත්‍රය ලබා තිබිය යුතුය. වැඩිදුර විස්තර සඳහා https://www.srilankaevisa.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න“, යනුවෙනි.

Every tourist should apply the e-Visa prior to their visit to Sri Lanka.
Please visit  https://www.srilankaevisa.lk for further details

ශ්‍රී ලංකාවට e-visa ලබා ගැනීම වෙනුවෙන් විකල්පයක් එහි දක්වා නැත.

We have been notified of certain interim orders issued by the Supreme Court of Sri Lanka today pertaining to the agreement under which this platform is operated.

In view of these orders, the website is suspended effective 2 August at 17:00 hours Sri Lanka Standard Time.

Please visit https://www.immigration.gov.lk/index_e.php for any further information.

For applicants, whose visa applications is under process

In case you have applied on 2 August after 17:00 hours Sri Lanka Standard Time you will receive a refund. Please share your application reference number to travel.partner@srilankaevisa.lk


Top Stories
wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

wedivistara

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

wedivistara

නවකවදය නැති කරන්න කාර්යසාධක බළකායක්

wedivistara

දෙමටගොඩදී ත්‍රීරෝද රථ 06ක් හා මෝටර් රථයක් ගිනිබත් වෙයි

wedivistara

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සබරගමු විශ්ව විද්‍යා​ල සිසුන් විරෝධතාවක

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ


NEWS ALERT