Local

වාරි­මාර්ග හා කෘෂි­කර්ම ව්‍යාපෘති කඩි­න­මින් අවසන් කරන්න – ජන­ප­ති­ගෙන් නිල­ධා­රීන්ට උප­දෙස්

Monday, 09 June 2025 - 9:21 am

මෙවර අය – වැය ප්‍රති­පා­දන යොදා ගනි­මින් වාරි­මාර්ග ව්‍යාපෘති සහ කෘෂි­කර්ම, පශු­ස­ම්පත්, ඉඩම් අංශ­වල සිදු කෙරෙන ව්‍යාපෘති පිළි­බඳ සමී­පව අධ්‍ය­ය­නය කර එම ව්‍යාපෘති කඩි­න­මින් අව­සන් කිරී­මට කට­යුතු කරන ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය.

ජනා­ධි­ප­ති­ව­රයා එසේ උප­දෙස් ලබා­දෙනු ලැබුවේ මෙවර අය – වැය මඟින් වෙන් කළ මූල්‍ය ප්‍රති­පා­දන යටතේ කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග අමා­ත්‍යාං­ශය විසින් ක්‍රියා­ත්මක කරන ලද ව්‍යාපෘ­ති­වල ප්‍රග­තිය විමසා බැලීමේ සාක­ච්ඡා­ව­කට සහ­භාගි වෙමිනි. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් එය ජනා­ධි­පති කාර්යා­ල­යේදී පසු­ගි­යදා (06) පැවැ­ත්විණි.

යාං ඔය, ගල්ඔය සහ මහ­වැලි ව්‍යාපෘති මෙන්ම කුඩා වැව් ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ඇතු­ළුව වාරි­මාර්ග ක්ෂේත්‍ර­යට අදා­ළව ආරම්භ කර ඇති ව්‍යාපෘති පිළි­බ­ඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

වාරි­මාර්ග ක්ෂේත්‍රයේ පව­තින ගැටලු පිළි­බ­ඳව ද මෙහිදී අව­ධා­නය යොමු කෙරිණි. එම ගැට­ලු­ව­ලට ලබා­දිය හැකි විස­ඳුම් පිළි­බ­ඳව ද අව­ධා­නය යොමු විය.

ඉඩම් සහ වාරි­මාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණ­සිංහ, ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක, මුදල් අමා­ත්‍යාං­ශයේ ලේකම් මහින්ද සිරි­ව­ර්ධන, කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග අමා­ත්‍යාං­ශයේ ලේකම් ඩී.පී. වික්‍ර­ම­සිංහ, ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේක­ම්ව­රුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර මහ­ත්වරු ද, මුදල් අමා­ත්‍යාං­ශයේ හා කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් පිරි­සක් ද මෙම අව­ස්ථා­වට එකව සිටි­යහ.

උපාලි කරු­ණා­රත්න


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT