Local

රට වැටුනේ හොරකම් කල නිසයි.. ගොඩදාන්න පුළුවන් මාලිමාවට විතරයි..

Friday, 25 October 2024 - 7:39 pm

වංචාව, දූෂණය නැතිකර සංවර්ධිත රටක් බිහිකිරීමටනම් පාර්ලිමේන්තුවට අලුත් නීති ගෙන ආ යුතු අතරම, දැනට ක්‍රියාත්මක ඇතැම් නීති තවත් ශක්තිමත් කළ යුතු බවත් ජාතික ජනබලවේයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නෙ අද අප රට පත්ව ඇති තත්ත්වයයට ප්‍රධානම හේතුව හිටපු පාලකයන් ජනතාවට නිවරදි මඟ පෙන්වීමක් සිදු නොකිරීම බවයි.

මේ අර්බුදයයෙන් රට ගලවා ගත හැක්කේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකට පමණක් බවද ඔහු කීය.

මාතර දිස්ත්‍රික්කයේ පැවති ජාතික ජනබලවේගය පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් හෙතෙම මේබව සඳහන් කළේය.

එහිදී ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා මෙසේද පැවසීය.

ජාතික ජනබලවේඟය මේවනවිට එක ජයග්‍රහණයක් ලබල ඉවරයි. ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක සහෝදරයාට ඔබ ලබාදුන් ඡන්දයේ විශ්වාසය අපි කඩ කරන්නෙ නැහැ. රට හදන වැඩපිළිවෙළට මහ මැතිවරණ ජයග්‍රහණයත් අපිට ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මෙවර මහ මැතිවරණයේදී ඔබ අපිට බහුතර බලයක් ලබාදේවි යැයි අපි බළාපොරොත්තු වෙනවා.

පොහොට්ටුව, ගෑස් සිලින්ඩරය, ටෙලිෆෝනය එකට එකතුවෙලා ඉන්නෙ අපිව වට්ටවන්නයි. ඒ අයට අපි අහුනොවී ඉන්න ඕන.ඒක කරන්න පුළුවන් එකම විදිය අපිට ඡන්දය නොදුන් පිරිස දිනාගැනීමෙන් පමණයි.

මේ රට හදන්න නම් හොරකම, වංචාව නැත්තටම නැති කරන්න ඕන. ඒක කරන්න පුළුවන් එකම ආණ්ඩුව අපේ ආණ්ඩුව විතරයි. ඒක කරන්න තමයි අපි පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් ආණ්ඩුවක් ඉල්ලන්නේ.

අපිට පහලින් හිටපු හුඟාක් රටවල් අපිව පහුකරගෙන ගිහිල්ලා. අපිත් එක්ක එකම කාලයක නිදහස ලබාගත් ඉන්දියාව මේවෙනකොට කොයිතරම් දේවල් නිෂ්පාදනය වෙනවද? නමුත් අපේ රටේ මොනවද නිෂ්පාදනය වෙන්නෙ. අපේ රට මෙච්චර පහල⁣ට වැටෙන්න හේතුව මේ රටේ හිටපු පාලකයන් මිනිස්සුන්ට නිවරදි මඟ පෙන්වීමක් නොකිරීමයි.

අද වෙනකොට මේ රටෙන් කී දෙනෙක් රස්සාවල් හොයාගෙන රට යනවද? හිටපු පාලකයන් හොරකම් නොකළානම් රට මෙච්චර පහලට වැටෙන්නේ නැහැ. රට හදන්නනම් අලුත් නීති ගේන්න ඕන. තියෙන නීති ශක්තිමත් කරන්න ඕන.අපිට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කළ හැකි ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කිරීමයි.ඒ වගේම මේ අර්බුදයයෙන් රට ගලවා ගත හැක්කේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකට පමණයි. ඒ සඳහා ජාතික ජනබලවේඟයේ නායකත්වයෙන් යුතුව මහ මැතිවරණයේදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහිවිය යුතු යැයිද ඔහු පැවසීය


Top Stories
wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

wedivistara

ප්‍රදේශ රැසකට හෙට දිනයේදීත් වැසි

wedivistara

පරිසර පවිත්‍රාවය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය අදයි

wedivistara

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්


NEWS ALERT