Local

රටට ඵලදායී, කාර්යක්ෂම දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරනවා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය

Wednesday, 15 November 2023 - 1:19 pm

ටට ඵලදායී, කාර්යක්ෂම දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද(15) පැවසීය.

පොදු ප්‍රවාහන බස්රථ හේතුවෙන් සිදුවන විවිධ අනතුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ,

දෙපාර්තමේන්තු ක්‍රමයට මෙරට දුම්රිය දියුණු කරන්න බැහැ. ලෝකයේ අනෙක් සැම රටක්ම දෙපාර්තමෙන්තු ක්‍රමයෙන් මිදී දුම්රිය ඉදිරියට ගමන් කරල තිබෙනවා. අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කරන්න. කේන්ද්‍රිය පරිපාලනයක් වෙනුවට විමධ්‍යගත පරිපාලනයක් ඇති කිරිමට මෙමගින් බලාපොරොත්තු වෙනවා.කැබිනට් මණ්ඩලය මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. විෂයානුබද්ධ වියතුන්ගෙන් මෙම කමිටුව සමන්විතයි. එම කමිටුවේ නිර්දේශ ලැබුණු වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා

මාර්ගවල බහුලව සිදුවන අනතුරු සඳහා එකම විසඳුම ඩිජිටල්කරණය බවද ප්‍රවාහන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. බස්වල ජී.පී.එස් සවිකරන්න. දුම්රිය සහ බස්රථ සඳහා ඊ- ටිකටින් ඇති කරන්න අපි උත්සාහ කරනවා. නමුත් එම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම බොහොම අපහසුයි.මෑතකදී හඳුන්වා දුන් විදුලි බස් රථ 200ක ව්‍යාපෘතිය තවමත් ක්‍රියාවට නංවන්න බැරි වුණා. එළඹෙන වසරේදී හෝ මෙම ව්‍යාපෘති ක්‍රියාවට නංවන්න බලාපොරොත්තු වෙනවා. මහනුවර ගැටඹේ ගුවන් පාලම, කොහුවල ගුවන් පාලම ඇතුළු පාරවල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති මේ වන විට සම්පූර්ණයෙන් නතර වී තිබෙනවා. මීට කිසිදු දේශපාලන විසඳුමක් නැහැ. ආණ්ඩු වෙනස් වුවත්, ජනාධිපතිවරු වෙනස් වුවත් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් මුදල් ලැබෙන්නේ නැහැ.

වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවාහන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් මහාමාර්ග අලුත්වැඩියාව සඳහා කිසිදු මුදලක් නොලැබෙන බවයි.

 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT