Local

දුම්රිය රියදුරන් OT අරන් වාර්තාවක.. විඝණනයත් පුදුම වෙයි..

Monday, 02 December 2024 - 9:47 pm

දුම්රිය රියදුරන්ට අතිකාල ගෙවිය යුත්තේ සතියට පැය 42 කට වඩා වැඩියෙන් සේවය කරන ලද පැය ගණන පදනම් කර ගෙන වුවත් 2007 වර්ෂයේ සිටම සතියට පැය 42 අඩු කිරීමකින් තොරව අතිකාල ගෙවා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වූ 2023 විගණන වාර්තාවේ සදහන් වේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් 2007 ජනවාරි 13 දින නිකුත් කරන ලද අංක 4/20/64/2/68 දරණ චක්‍ර ලේඛණයේ හා ආයතන සංග්‍රහයේ Vlll වැනි පරිච්ඡේදයේ 5.6 වගන්තියේ දුම්රිය කාර්යය මණ්ඩලයට අතිකාල ගෙවීම සම්බන්ධයෙන් සදහන් වන බවත් ඊට පටහැනිව දුම්රිය රියදුරන්ට අතිකාල ගෙවා තිබෙන බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ. ආයතන සංග්‍රහයේ විධිවිධාන සහ දුම්රිය සාමාන්‍යාධිකාරි චක්ක්‍රලේඛණයට අනුව අතිකාල ගෙවීම් කරන ලෙසද විගණන වාර්තාව මගින් උපදෙස් ලබා දී ඇත.

එයට අමතරව 2009 අප්‍රේල් 16 දිනැති අංක 09/2009 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය මගින් උපදෙස් ලබා දී තිබූ පරිදි දුම්රිය රියදුරන්ගේ පැමිණීම සහ පිටවීම ඇගිලි සලකුණු යන්ත්‍ර වල සටහන් කරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව නියෝග කර තිබුණත් 2023 දෙසැම්බර් 31 දිනය වන තෙක්ම දුම්රිය රියදුරන් පැමිණීම සහ පිටවීම ඇගිලි සලකුණු යන්ත්‍ර වල සටහන් කිරීමට පියවර ගෙන නොතිබූ බවද එම විගණන වාර්තාවේ සදහන් වේ.

ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා නොකර පැමිණීම හා පිටවීම, පැමිණීමේ ලේඛණ වල සටහන් කිරීම සාවද්‍ය අතිකාල ගණනයකට හේතු වී තිබුණ බවද අදාල විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ සේවකයින් සදහා වූ කොතලාවල පුර දුම්රිය නිවාස 546 ක් සදහා ජල බිල්පත් වෙනුවෙන් පමණක් වසරකට රුපියල් මිලියන 30 කට අධික මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුව ගෙවා තිබෙන බවත් වෙන් වෙන් වශයෙන් ජල මීටර් සවිකර ගැනීමට උපදෙස් ලබා දී තිබූ බවත් එම විගණන වාර්තාවේ සදහන් වේ.

මෙම නිවාස සංකීර්ණයේ ජල බිල්පත් වෙනුවෙන් පමණක් 2021, 2022 සහ 2023 වසරවල පමණක් රුපියල් 9,23,98,532 /- ක මුදලක් ගෙවා තිබෙන බවද ඒ වෙනුවෙන් එක් නිලධාරියෙකුගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මසකට රුපියල් 5/- ක් පමණක් අයකර තිබූ බවද විගණන වාර්තාව මගින් වැඩි දුරටත් පෙන්වා දී තිබුණි.


Top Stories
wedivistara

ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි

wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT