Local

ජනපති රනිල් දිනවන්න පක්ෂ සන්ධාන 34ක් ‘පුළුවන් ශ්‍රී ලංකා’ සම්මුතියට අත්සන් තබයි

Saturday, 17 August 2024 - 9:02 am

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් පක්ෂ හා සන්ධාන 34ක් එක්ව ‘පුළුවන් ශ්‍රී ලංකා’ සම්මුතියට බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේදී ඊයේ (16) පෙරවරුවේ අත්සන් තැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පක්ෂ හා සන්ධාන නායකයන් විසින් මෙම සම්මුතියට අත්සන් තැබූ අතර අන්‍යාගමික පූජක පිරිස්ද ආගමික වතාවත් සිදු කරමින් මේ අවස්ථාවට ආශීර්වාද කළහ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණෙන් සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩුව සඳහා පත් කළ ඒ.එච්.එම්. ෆවුසි මහතා ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කර ඇති අතර ඔවුහු ද මේ අවස්ථාවට එක් වූහ.

මෙහිදී මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග හා අලි සබ්රි මහත්වරු ‘පුළුවන් ශ්‍රී ලංකා’ සම්මුතියට අත්සන් කළහ.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වජිර අබේවර්ධන, නව සන්ධානය නියෝජනය කරමින් සුසිල් ප්‍රේමජයන්ත, පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් මහජන පක්ෂය නියෝජනය කරමින් ටිරාන් අලස්, සමගි ජන බලවේගය නියෝජනය කරමින් රාජිත සේනාරත්න සහ ඒ.එච්.එම්. ෆවුසි මහත්වරු මෙම සම්මුතියට අත්සන් තැබූහ. මීට අමතරව ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙනුවෙන් අසංක නවරත්න, නව ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කුමාර වෙල්ගම, නිදහස ජනතා සභාව වෙනුවෙන් උදයන කිරිඳිගොඩ, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් මොහොමඩ් මුසම්මිල්, ජාතික කොංග්‍රසය වෙනුවෙන් ඒ.එල්.එම්. අතාවුල්ලා මහත්වරු සම්මුතියට අත්සන් කළහ.

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් ඩග්ලස් දේවානන්ද, තමිල් මක්කල් විදුදලෙයි පුලිකල් පක්ෂය නියෝජනය කරමින් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජාතික ක්‍රොංග්‍රසය නියෝජනය කරමින් අතාවුල්ලා, එක්සත් ජනතා පක්ෂය වෙනුවෙන් අරවින්ද කුමාර්. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය වෙනුවෙන් නසීර් අහමඩ්, මුට්පෝක්කු තමිලර් කලහම් පක්ෂයෙන් එස්. වියාලේන්ද්‍රන්, ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමය නියෝජනය කරමින් වඩිවේල් සුරේෂ්, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් කම්කරු කොංග්‍රසය වෙනුවෙන් වේලු කුමාර්, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය වෙනුවෙන් එස්.එම්.එම්. මුෂාරෆ් මහත්වරුද පුළුවන් ශ්‍රී ලංකා සම්මුතියට අත්සන් කළහ.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් චතුර සේනාරත්න, ජාතික සමඟි පෙරමුණෙන් අසාත් සාලි, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණෙන් ආචාර්ය චම්පික ලෝ, ඊළාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය නියෝජනය කරමින් එම්. රංජන් ප්‍රහාහරන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ශ්‍යාමිලා පෙරේරා, දේශප්‍රේමී ජන බලවේගයෙන් සුගත් හේවාපතිරණ මහත්ම මහත්මීහුද සම්මුතියට අත්සන් කළහ.

ලියාපදිංචි නොවු පක්ෂ වන එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික පක්ෂය, ලක්ජන පෙරමුණ, එක්සත් ජනතා පෙරමුණ, ජාතික ජනතා පෙරමුණ, නව ජන සෙත පෙරමුණ, ලංකා ජාතික පක්ෂය, ජනතාවාදී කම්කරු පෙරමුණ, මුස්ලිම් වාමාංශික පෙරමුණ, පොදුජන එක්සත් දේශීය, මව්බිම සංවර්ධන පෙරමුණ, දෙමළ ජාතික ප්‍රගතිශීලි පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා බලවේගය, ශ්‍රී ලංකා එක්සත් පෙරමුණ පක්ෂය, මහජන සංවර්ධන පක්ෂය නියෝජනය කරමින්ද මෙම ගිවිසුමට අත්සන් කෙරිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT