Local

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත ඉදිරියේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වනවා – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

Tuesday, 13 February 2024 - 7:47 pm

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර එය මේ වන විට කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය,

වර්තමානයේ අපට තිබුණු ප්‍රධානම අභියෝගයක් වූයේ ආදායම් වියදම් කළමනාකරණය කිරීම සම්බන්ධ ගැටලුවයි. එහිදී අප අමාත්‍යාංශය සතුව පවතින ආයතන 16 පිළිබඳවම විශේෂ අවධානයක් යොමු කළා. ඉන් බහුතරයක්ම මහා භාණ්ඩාගරය මත යැපෙන තත්ත්වයේ පැවතුණා. ඒ නිසා මෙම ආයතන ස්වාධීනව ඉදිරියට ගමන් කිරීම සම්බන්ධයෙන් අප කටයුතු කළා.

විශේෂයෙන්ම ජාතික රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අප කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කොට වැදගත් තීන්දු තීරණ කිහිපයකට එළඹුණා. එමඟින් ධනාත්මක ප්‍රවේශයන් ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ වගේම ස්වාධීන රූපවාහිනිය (ITN) සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) ද විශාල වෙනස්කම් රාශියකට භාජනය කළා.

එම ආයතන ද ලබන වසර වන විට ලාභ ලබන ආයතනයන් බවට පත්කර ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව 2022 වසර වන විට ආදායම රුපියල් මිලියන 9,268ක් පමණයි. නමුත් 2023 වසර වන එමඟින් රුපියල් මිලියන 13,616ක් දක්වා අදායම් ලැබීමට අපට හැකියාව ලැබුණා. මහජනතාව මත බර පැටවීමකින් තොරව සේවාවන් වැඩිකොට කළමානාකාරිත්ව පාර්ශ්වයේ ඇති අඩුපාඩු අවම කොට විධිමත් ලෙස සකස් කිරීමට අපට හැකියාව ලැබුණා. 2021 වර්ෂයේ අලාභය මිලියන 7,173ක් වූ තැපැල් දෙපාර්තමේන්තුවේ 2022 වසරේ අලාභය මිලියන 6,832ක් ලෙස පැවතුණා. නමුත් 2023 වසරේ අලාභය මිලියන 3,222ක් දක්වා අඩු කර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව 2024 දෙසැම්බර් 31 වන විට අලාභයෙන් තොර මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති ලාභ ලබන ආයතන බවට පත් කරගැනීමට හැකි බව අපගේ අදහසයි.

එමෙන්ම පෞද්ගලික සහ රාජ්‍ය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක විශේෂ ව්‍යාපෘති වැඩසටහනක් ආරම්භ කිරීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. එමඟින් ලෝකයේ ඕනෑම තැනක සිට ඉතා ඉක්මනින් භාණ්ඩ හුවමාරු කිරීමේ හැකියාව සම්පූර්ණ කර ගැනීමට අපට පුළුවන් කම ලැබෙනවා. එමෙන්ම මෙම වසර තුළ බස්නාහිර පළාත තුළ ත්‍රීවීලර් 200ක් සහ මෝටර් සයිකල් 50ක් යොදා ගනිමින් භාණ්ඩ හුවමාරු කිරීම සඳහා කුරියර් සේවාවක් ආරම්භ කිරීමට ද අප කටයුතු කරනවා.

ඒ වගේම ලංකා බැංකු ශාඛාවක් මඟින් සිදු කර ගන්නා වූ මූලික කටයුතු තැපැල් කාර්යාල 100ක් ආවරණය වන පරිදි සිදු කිරීමටත් අප බලාපොරොත්තු වනවා.

ඒ වගේම විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත බහුතර එකඟතා මත විශාල සංශෝධනයකට භාජන කර තිබෙනවා. අවසන් පනත් කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා. ඉදිරියේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට බලාපොරොත්තු වනවා.

එමෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ වරලත් ආයතනය බිහි කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙනවා. එහි මූලික කටයුතු අවසන් කොට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා. එමඟින් මාධ්‍යවේදීන්ට නිසි පුහුණුවක් සමඟින් ජාත්‍යන්තරය පිළිගත් සහතික පත්‍රයක් ලබාදීමට ද අප බලාපොරොත්තු වනවා.

ඒ වගේම ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වනවා. එය මේ වන විට කැබිනට් අනුමැතිය සඳහා යොමු කර තිබෙනවා. එමඟින් මාධ්‍යකරණයට කිසිදු ගැටලුවක් ඇති නොවන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT