Local

ඩග්ලස් දේවානන්ද ජනපති හා එක්වේ..

Monday, 04 November 2024 - 7:12 pm

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එක්ව කටයුතු කිරීමට ඩග්ලස් දේවානන්ද මහතා නායකත්වය දරන ඊපීඩීපී සංවිධානය තීරණය කර තිබේ.

මේ පිළිබඳව ජනාධිපති අනුර දිසානායක මහතා සමග ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු පිරිසක් සාකච්ඡා කරන ලද බවද එම පක්‍ෂ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා පැවසීය.

දැනට නම් අතරමග නතර වී ඇති උතුරු නැගෙනන සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විසි පහක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් හෙතෙම කියා සිටියි.

අදාළ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් දී ඇති බවද හෙතෙම පැවසීය.

ධීවර අමාත්‍යාංශයේ පවතින ගැටලු හා ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩසටහන් යළි ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT