Local

දුම්රිය වර්ජනය කඩාකප්පල්කාරී වැඩක්දැයි හොයනවා - දුර ගමන් සේවා එකක්වත් අවලංගු කර නෑ

Monday, 10 June 2024 - 7:55 am

දුම්රිය රියදුරු සංගමයේ ලේකම්වරයා විසින් දියත් කර ඇති දුම්රිය වර්ජනය අසාර්ථක බවත් එය කඩාකප්පල්කාරි ක්‍රියාවක්ද යන්න වහාම සොයා බලන බවත් දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි පී.එස්.පොල්වත්තගේ මහතා ‘දිනමිණ‘ට පැවැසීය.

බලවේග කට්ටල දුම්රිය රියදුරන්ගේ මෙම වර්ජනයට හේතු වූ තෙවැනි ශ්‍රේණියේ සිට දෙවැනි ශ්‍රේණියට උසස්වීම් ගැටලුව මේ වන විට නිරාකරණය කර ඇති බව ද පොල්වත්තගේ මහතා පැවැසීය.

“දෙවැනි පංතියේ උසස්වීම්වලට සම්බන්ධ ලිපි 11ක් ඊයේ (10) පෙරවරුවේ රියදුරන්ට යොමු කර තිබෙනවා. දෙවැනි ශ්‍රේණියට උසස්වීම රියදුරන් 57කට මේ වන විට දී තිබෙනවා. තවත් 11 දෙනකුට අද (10) පෙරවරුවේ දෙනවා. දෙවැනි ශ්‍රේණියට උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින රියදුරන් 10ක් පමණ ගොනුවල ඇති දුර්වලතා හේතුවෙන් සුදුසුකම් සපුරා නැහැ“ යැයිද පොල්වත්තගේ මහතා සඳහන් කළේය.

දුම්රිය රියදුරු සංගමයේ ලේකම්වරයා විසින් කැඳවා ඇති වෘත්තිය ක්‍රියමාර්ගය සඳහා එහි සභාපතිවරයාගේ ප්‍රසාදයක් නැතැයිද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොල්වත්තගේ මහතා කියා සිටියේය. සියලුම සේවා සඳහා අත්‍යාවශ්‍ය සේවා පුරප්පාඩු පියවීමට අවශ්‍ය බඳවා ගැනීම් විශ්‍රාමික සේවකයන්ගෙන් සිදු කිරීමට පියවර ගනිමින් සිටින බව කී ඒ මහතා විධිමත්ව එය සිදු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා එය යොමු කර ඇතැයිද කීවේය.

අනුමැතිය ලැබුණු සේවකයන් මේ වනවිටත් සේවා ලබා දෙමින් පවතින බවත් අනුමැතිය ලබා දීමට යටත්ව විශ්‍රාමික සේවක මහතුන්ගෙන් සේවා ලබා ගැනීමට කොමිසම අවසර ලබාදී ඇතිබව ද කී ඒ මහතා මේ වනවිටත් සේවකයන් 40ක් පමණ සේවයට එක් කර තිබෙනවා. යැයිද කීවේය.

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් දින තුනක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය පැවැතියද දුරගමන් නගරාන්තර දුම්රිය දෛනික දුම්රිය ගමන් වාර විශේෂ සංචාරක දුම්රිය සහ රාත්‍රි දුම්රියන් පෙර පරිදිම ධාවනයට එක් වූ බව කී ඒ මහතා මෙම වර්ජනය හේතුවෙන් ප්‍රාදේශීය දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් අවලංගු කිරීමට සිදු වූ බව ද සඳහන් කළේය.

“වැටුප් කේතය සමාන්තර ශ්‍රේණි පහකට බලපාන ඉල්ලීමක්. ඒ අයට පැහැදිලිව කිව්වා මේක දෙපාර්තමේන්තු මට්ටමින් අමාත්‍යාංශ මට්ටමින් සහ සහ කැබිනට් තීරණ මට්ටමින් සිදු කළ යුතු බව. ඒ අයට ඒ ගැන පැහැදිලිව කියා තිබෙනවා. වැටුප් කේතය නිසා මේ වෘත්තිය ක්‍රියමාර්ගයට යොමුව තිබෙන්නේ දුම්රිය රියදුරු වෘත්තිය සමිති පහෙන් දෙකක් පමණයි. බලවේග කට්ටල රියදුරන් සහ විදුලි බලවේග කට්ටල රියදුරන් වෘත්තිය ක්‍රියා මාර්ගයක නිරතව සිටියත් අනෙක් දුම්රිය වෘත්තිය සමිති තුනක්ම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු කිරීමට එක් වූයේ නැහැ. වැටුප් කේතය සම්බන්ධයෙන් ලබන 14 දා සාකච්ඡාවක් ලබාදී තිබියදීයි යම් යටි අරමුණක් වෙනුවෙන් මේ වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු කරන්නේ. මේක ඇත්තටම සිදු නොකළ යුතු ක්‍රියාමාර්ගයක්.

දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් වීම් සිදු නොකළ සේවා කාණ්ඩ විශාල ප්‍රමාණයක් තිබෙනවා. වසර පහෙන් පහට සිදු කළ යුතු උසස් වීම් ලබාදී නැතත් ඔවුන් මේ වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වූයේ නැහැ. ධාවනාගාර දෙකක රියදුරන් පමණයි මේ ක්‍රියාමාර්ගයට එක්ව තිබෙන්නේ. අනෙකුත් සියලු සේවකයන් සේවා සපයමින් සිටිනවා. කාර්යාල දිනවල මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. විශ්‍රාමික රියදුරන් යොදවා පිට පළාත්වල සිට දුම්රිය ගමන් වාර 10ක් පමණ අද(10) දිනයේ ක්‍රියාත්මක කරනවා. අවශ්‍ය වුවහොත් දුම්රිය පරීක්‍ෂකවරු ද ධාවනයට යොදවනවා“ යැයිද දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි පී.එස්. පොල්වත්තගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් මත අද 10 (සඳුදා) දින දුම්රිය මගින් කාර්යාලවලට පැමිණෙන දුම්රිය මගීන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා අවිස්සාවේල්ල, පොල්ගහවෙල, අලුත්ගම, පානදුර, හලාවත, ගම්පහ, මීගමුව සිට කොළඹ බලා ධාවනය වන බස් රථ සංඛ්‍යාව වැඩි කරන ලෙසත් විශේෂ අවස්ථාවක් සේ සලකා ඒකාබද්ධ කාලසටහනෙන් බැහැරව බස් ධාවනය කෙරෙන බවද හෙතෙම කීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT