Local

ජනපතිට උපදෙස් දෙන්න සීයා සූදානම්…

Saturday, 09 November 2024 - 10:40 am

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන ජනාධිපතිවරයාට තේරෙන්නේ නැත්නම් සීයාගෙන් අසා දැනගන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට ගාල්ල ප්‍රදේශයේ ජන හමුවක් අමතමිනි.

“පාර්ලිමේන්තු ඡන්දයේ වැදගත්ම අංශය ආර්ථිකයයි. අපි අයි.එම්.එෆ් සමග වැඩසටහනක් ඇතිකරා. දැන් ඒක ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා ජනාධිපතිවරයා පැවැසිය යුතුයි. නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම නැති කරනවාද කියලා ඔහු කිව යුතුයි. ඔවුන් දෙපාරක් සාකච්ඡා කලා අයි.එම්.එෆ්. සංවිධානය සමග.

ජනාධිපතිවරයා ඊයේ කිව්වා අපිට නොවැම්බර් වනවිට තුන්වැනි වාරිකය ලබාගත හැකියි කියලා. ඒක තමයි ආර්ථිකය ස්ථාවර කරන්න යොදාගෙන තියෙන සැලැස්ම කියලා ඔහු කියනවා.

දැන් තුන්වැනි වාරිකය ගැන සාකච්ඡා කරන්නේ නොවැම්බර් මාසේ. එවර එකඟ වුණොත් එන අවුරුද්දේ ලබා ගන්න පුළුවන්. නැත්නම් මේ අවුරුද්ද අවසානයේදී. එකඟ වෙන්නේ නැත්නම් මොකද කරන්නේ. ඒ නිසා රටට කියන්න ඕනේ මොකක්ද තමන් ගත්ත ස්ථාවරය කියලා”


Top Stories
wedivistara

ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

wedivistara

ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී නොකළ යුතු දේවල්

wedivistara

දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න පත්‍රය ගැන පරීක්ෂණයක්

wedivistara

වෙළඳුන් නාඩු සහල් අලෙවියෙන් ඉවත් වෙති.. සහල් හිගය තව දුරටත්..

wedivistara

රනිල්ගෙන් CID ප‍්‍රශ්ණ කරයි.. වැලක් පෝලිමේ..

wedivistara

IMF සමාලෝචනය ඉක්මන් කර ADB හා ලෝක බැංකුවෙන් ණය ගන්නවා..- ජනාධිපති

Trending
wedivistara

ආණ්ඩුව අවුරුදු පහක් තියා මාස පහක්වත් දුවන්නෑ.. මාර්තු වෙද්දි රට ගිනි ගොඩක් වෙනවා..

wedivistara

මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද..- මහින්ද

wedivistara

රනිල් කියන්නේ රට විකුණා කජු කාපු ජනාධිපති කෙනෙක්…

wedivistara

ජනාධිපති පොරොන්දු වු කිසි දෙයක් මෙතෙක් ඉටු කර නෑ..

wedivistara

විදුලි ගාස්තු අඩු කිරීම කල් යයි.. යෝජනාව වැරදිලා..

wedivistara

බදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..


NEWS ALERT