Local

සතියක විශේෂ මඳුරු මර්දන වැඩසටහනින් පරීශ්‍ර 3916 ක් සඳහා රතු නිවේදන

Monday, 26 May 2025 - 10:29 pm

නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමඟ ඉදිරි කාලයේ දී තවදුරටත් ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින හෙයින් සතියක විශේෂ මඳුරු මර්දන වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් මත ක්‍රියාත්මක  විය.

මේ අනුව  අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ලබාදුන් උපදෙස් අනූව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික ඩෙංගු මර්දන ඒකකය හා එක්ව  විශේෂ  මදුරු මර්දන වැඩසටහනක් පසුගිය මැයි මස 19 වන දින සිට 24 වන දින දක්වා දිස්ත්‍රික්ක 15 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95 ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරනු ලැබීය.

එම විශේෂ මදුරු මර්දන වැඩසටහනේ දී දිවයින පුරා නිවාස 119,677, පාසල් 257, වෙනත් අධ්‍යාපන ආයතන 304, රජයේ ආයතන 789, පෞද්ගලික ආයතන 5025, ඉදිකිරීම් පරිශ්‍ර 700, කර්මාන්ත ශාලා 195, පොදු ස්ථාන 263, ආගමික සිද්ධස්ථාන 514, අනෙකුත් ස්ථාන 1100 ඇතුළත්ව පරීක්ෂා කළ මුළු පරිශ්‍රයන් ගණන 128,824 කි.

මෙහි දී මඳුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 31,145 ක් හඳුනාගත් අතර මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6077 ද, හඳුනා ගැනීමට හැකිවිය. මෙහි දී රතු නිවේදන නිකුත් කිරීම් 3916 සිදුකළ අතර පරිශ්‍ර 1470 කට ද  නිතී මඟින් ක්‍රියා කිරීමට ද  පියවර ගන්නා ලදී.

මෙම විශේෂ මඳුරු මර්දන වැඩසටහනේ දී පරිශ්‍ර පරීක්ෂාව, රතු නිවේදන නිකුත් කිරීම, නීති මගින් ක්‍රියා කිරීම, ප්‍රමුඛ කර ගනිමින් කටයුතු කළ අතර රෝග පැතිරීම පාලනය කිරීම, ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම ද මෙහි තවත් අරමුණු වූ බව, මෙම  වැඩසටහන මෙහයවීම සඳහා මුලිකත්වය ලබාදුන් ඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙම වැඩසටහනෙන් ලබා ගත් ප්‍රගතිය දිගුකාලීනව පවත්වා ගෙන යාම සඳහා තම නිවාස සහ කාර්යාල අවට පරිසරය මදුරුවන් බෝ වියනොහැකි ලෙස පවත්වාගෙන යන ලෙසත්, අවම වශයෙන් සතියකට එක් දිනක පැයක කාල සීමාවක් හෝ වෙන්කර තම නිවාස / කාර්යාල පරිශ්‍ර  පරීක්ෂා කර  එම ස්ථාන පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙරට ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටී.

මෙම මඳුරු මර්දන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, ජාතික සිවිල් ආරක්ෂක බලකාය සහ විවිධ ස්වේච්ඡා සංවිධාන විසින් විශාල සහයෝගයක් සෞඛ්‍ය අංශ වෙත ලබා දුන් බවත් එම සියලු දෙනාටමත් විශේෂයෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයටත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වශයෙන් සිය ස්තූතිය පුදකර සිටින බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT