Local

අපේක්‍ෂිත බදු ආදායම නොලැබේ.. නව බදු පනවන්න හා බැදුම්කර නිකුත් කරන්න වෙයි… IMF මීලග වාරිකයත් අවදානමේ..

Wednesday, 02 October 2024 - 12:41 pm

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ බදු ආදායම නොලැබීම නිසා රාජ්‍ය ආදායම අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වසර තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඉපැයිය යුතු සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 4,127 කි.

එම මුදලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉපැයිය යුතු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,024 කි. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ මාස 09 ක කාලය තුළදී ඉපැයිය යුතු ඉලක්කගත ආදායම රුපියල් බිලියන 1,518 කි.

නමුත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රජයේ මුදල් අංශවලට ලබාදුන් ලේඛනවල සඳහන් කර ඇත්තේ පළමු මාස නවය සඳහා රුපියල් බිලියන 1,498 ක ආදායමක් ඉපැයීමට හැකි බවය. නමුත්, එම මාස නවයක කාලය තුළ එම දෙපාර්තමේන්තුව උපයා ඇත්තේ රුපියල් බිලියන 1,423ක බදු ආදායමකි. මේ අනුව, රුපියල් බිලියන 75ක ආදායම් හිඟයක් පවතින බව මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.

2023/24 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවීමේ කාලය පෙරේදා (30 වැනිදා) දිනයෙන් අවසන් විය.

අදාළ තක්සේරු වර්ෂයේ උපයා තිබෙන බදු ආදායම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකරගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ලැබුණු සම්පූර්ණ බදු මුදල කොපමණද යන්න අද (02 වැනිදා) පස්වරු 3ට පමණ ප්‍රකාශ කිරීමට හැකි බවත්, බදු ආදායම සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් නොවූවත්, මහන්සි වී කටයුතු කිරීම මගින් අදාළ බදු ආදායම සපුරා ගැනීමට හැකි බවය. බදු ගෙවන ලෙස තවදුරටත් බදු ගෙවන්නන් දැනුවත් කිරීමට සිදුවන බවද ඇය පැවසුවාය.

කෙසේ නමුත්, මේ වසර අවසානය වනවිටදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2,024ක ආදායම් ඉලක්කය වෙත යාම අර්බුදකාරී වනු ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයක් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මීළඟ වාරිකය ලබා ගැනීමද අවදානම් තත්ත්වයක පවතින බවට තොරතුරු අනාවරණය වේ.

මේ වසර තුළදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.2ක ආදායම් ඉලක්කයක් උපයන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය පොරොන්දු වී ඇතත්, බදු ආදායම අඩුවීම නිසා දළ දේශීය නිෂ්පාදිත අගය සියයට 12ක අගයක් දක්වාවත් යාමට නොහැකිවනු ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

එවැනි අඩු ඉලක්කයක් මත ඉදිරියේදී බදු වැඩිකිරීමට සිදුවනු ඇතැයිද එම ආරංචිමාර්ග කියයි.

මෙවැනි තත්ත්වයක් මත තවදුරටත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට සිදුවනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයන් පවසති.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව ඉකුත් 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිටදී එම දෙපාර්තමේන්තුව විසින් එකතු කළ යුතුව තිබූ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1,066 කි. බදු ගෙවන්නන් ඉදිරිපත් කරන ලද අභියාචනා, අධිකරණයේ විභාග වන නඩු ආදී කාරණා මත මෙලෙස හිඟ බදු ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ නමුත්, එම සම්පූර්ණ හිඟ බදු මුදලින් රුපියල් බිලියන 657ක් 2013 වසරට පෙර හිඟ බදු බව පැවසේ. තවත් බිලියන 209ක් වසර 2013 ත් 2018 ත් අතර කාලයේ හිඟ බදුය.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT