Local

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 26 ක් නීතියේ රැහැනට

Saturday, 07 June 2025 - 10:05 pm

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව කඩ්ඩයිකාඩු, කොක්කුතුඩුවායි, තිරියාය, නයාරු, මාන්කර්නී, වාලයිතොඩ්ඩම්, කුඩුඉරිප්පු, පුල්ලේයාරඩි, වවුනතිව් සහ කන්නකුඩා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 මැයි මස 20 වැනි දින සිට 25 වැනි දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි පන්න ක්‍රම සහ උපකරණ භාවිතයෙන්, නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් විසි හයදෙනෙකු (26) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ශ්‍රි ලංකා නාවික නෞකා කාශ්‍යප, ගෝඨාභය, රන්වැලි, වළගම්බා, ලංකාපටුන සහ නාවික ස්ථානගත කිරීම වෙත්තලකේනී යන ආයතන, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව සිදුකල මෙම මෙහෙයුම් මඟින් පුද්ගලයින් විසි හයදෙනෙකු (26) සමඟ නීති විරෝධී දැල් එකසිය හැත්තෑ අටක් (178), ඩිංගි යාත්‍රා දහයක් (10), නිති විරෝධී පුපරණ ද්‍රව්‍ය සහ විදුලි ආලෝක ධාරා උපකරණ මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.

තවද, නීතියේ රැහැනට හසුකරගත් සැකකරුවන්, ධීවර යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මුලතිව්, කුච්චවේලි, මඩකලපුව සහ ඊච්චලම්පත්තු යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කෙරුණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT