International

ස්වීඩනයේ නේටෝ සාමාජිකත්ව අයැදුමට තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය

Thursday, 25 January 2024 - 11:19 pm

නේටෝ සංවිධානයේ 32 වැනි සාමාජිකයා බවට පත්වීම සඳහා ස්වීඩනය කළ ඉල්ලීමට තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ වේ. මීට අදාළව දිගුකලක් ප්‍රමාද වූ පනත් කෙටුම්පත තුර්කි නීති සම්පාදකයන් විසින් 23 වැනිදා  අනුමත කරනු ලැබීය.

තුර්කි පාර්ලිමේන්තුවේ ජාතික සභාවේ පැවති විවාදයකින් පසුව ඡන්ද විමසීම පවත්වනු ලැබූ අතර, මන්ත්‍රීවරු 346 දෙනෙක් ඊට සහභාගි වූහ. එහිදී පනතට පක්ෂව ඡන්ද 287 ක බහුතරයක් හිමිවිය. තුර්කි ජනාධිපති තායිප් එර්ඩොගන් මහතා නොබෝ දිනකින් අදාළ පනත් කෙටුම්පතට අත්සන් තැබීමට නියමිත ය.

තුර්කි පාර්ලිමේන්තුවේ මෙම අනුමැතිය ස්වීඩන අගමැති Ulf Kristersson විසින් ද පිළිගෙන තිබේ. නේටෝවේ පූර්ණ සාමාජිකත්වය ලැබීම සඳහා ස්වීඩනය එක් පියවරකින් සමීප වූ බව අගමැතිවරයා ට්විටර් පණිවුඩයක සටහන් කර ඇත.

ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධාන සාමාජිකත්වය අයදුම් කළේ 2022 වසරේ රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසුවයි. කිසියම් රටක සාමාජිකත්වය සඳහා නේටෝවේ සියලුම සාමාජිකයන්ගේ ඒකමතික අනුමැතිය අවශ්‍ය වේ. ඒ අනුව, මේ වනවිට නේටෝ සංවිධානයට එක්වීමේ ස්වීඩනයේ අයදුම්පතට අනුමැතිය ලබා නොදුන් එකම සාමාජික රට වන්නේ හංගේරියාවයි.
පසුගිය වසරේ මාර්තු මාසයේ දී තුර්කිය ෆින්ලන්තයේ ඉල්ලීම අනුමත කළ ද අන්කාරා අගනුවර පවතින ආරක්ෂක තත්ත්වය කෙරෙහි තවදුරටත් සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටීම නිසා ස්වීඩනයට සාමාජිකත්වය හිමිවීම ප්‍රමාද විය.

මේ අතර, නේටෝවට එක්වීමට ස්වීඩනයට සහාය දෙන බව හංගේරියානු අගමැති Viktor Orbán ඊයේ (24) යළි පවසා තිබේ. ඊට අනුමැතිය ලබාදෙන ලෙස හංගේරියානු පාර්ලිමේන්තුවෙන් දිගටම ඉල්ලා සිටින අතර හැකි ඉක්මණින් අනුමත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන බව ද Orbán සමාජ මාධ්‍යයන් හි අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.


Top Stories
wedivistara

ජොන්ස්ටන්ට එරෙහි ස‌තොස නඩුව යළි කැඳවීමට දින දෙයි

wedivistara

ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අනුමැතිය

wedivistara

කොටස් වෙළඳපොළ ඉතිහාසගත ඉහළ යෑමක්

wedivistara

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා කාර්ය සාධක බලකායක්

wedivistara

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයට නව ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

wedivistara

විදුලිබල මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT