Local

රෙජිස්ට්‍රාර් ජනරාල් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක්

Wednesday, 04 September 2024 - 5:00 pm

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ 33ක වන්දියක් ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලේඛන සහකාරවරු උසස් කිරීමේ විභාගය දින නියමයක් නොමැතිව කල්දැමීම තුළින් එම මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

රජයේ බලධාරීන් නිසි වේලාවට ගත යුතු තීරණ නොගැනීම හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් සිදුවන බවත් ඒ හරහා රාජ්‍ය සේවයේ ඵලදායීතාව කප්පාදු වීමට මඟපෑදෙන බවත් ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන්ය.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා ලේඛන සහකාර සංගමයේ ලේකම්  ඩී. එම්. එස්. දිසානායක ඇතුළු ලේඛන සහකාරවරු 132 දෙනෙකු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු මේ බව සඳහන් කර තිබේ. 

පෙත්සම්කරුවන් ප්‍රකාශ කර ඇත්තේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකාර තුන්වන ශ්‍රේණියට තමන් 2005 වසරේ ජූලි මස 11 වනදා පත්වීම් ලැබූ බවය.

ඉන් අනතුරුව තමන්ව ලේඛන සහකාර දෙවන ශ්‍රේණියට උසස් කිරීම සඳහා වූ විභාගයක් 2013 වසරේ පෙබරවාරි මස දෙවන දා පැවැත්වීමට දින නියම කර තිබූ බවත්  ඉදිරිපත් වූ නිර්නාමික ලිපියක් පදනම් කරගෙන අදාළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීම තුළින් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට පෙත්සමෙන් පෙන්වා දී ඇත. 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත්තේ නිර්ණාමික ලිපියක අන්තර්ගත තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයක් නොපවත්වා අදාළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ගනු ලැබූ තීරණය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බවය.

මේ තුළින් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් එක් එක් පෙත්සම්කරුට රුපියල් 25,000/- බැගින් පෙත්සම්කරුවන් සඳහා රජය විසින් වන්දි ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහිදී නියෝග කර තිබේ.


Top Stories
wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

wedivistara

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයෙන් පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

wedivistara

ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්

Trending
wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

wedivistara

හිටපු ජනපති මහින්ද සහ ගෝඨාභය නිළි රැජිනට අවසන් ගෞරව දක්වයි

wedivistara

පොල් මිල යළිත් ඉහළට

wedivistara

මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

wedivistara

දුමින්ද බන්ධනාගාර රෝහලට


NEWS ALERT