Local

දමිල ළමුන් සිංහල භාෂාව අමතර භාෂාවක් ලෙස හදරයි…

Monday, 02 December 2024 - 8:03 pm

වතුකරයේ ළමුන් පිරිසක් සිංහල භාෂාව අමතර භාෂාවක් ලෙස හදාරා එම ළමුන් විසිර යාමේ උත්සවයක් හැටන් දික්ඔය නගර ශාලාවේදි පැවැත්විණ.

දමිල භාෂාවෙන් ප්‍රාථමික අංශයේ සිට උසස් පෙල දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 50 දෙනෙකු හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ ස්වෙච්ඡා ගුරුවරියක් වශයෙන් සේවය කරන එම්.එස්.බේගම් මහත්මිය විසින් නොමිලේ සිදු කරන සිංහල ඉගැන්විමේ පාඨමාලාව හදාරා එම සිසු සිසුවියන් පිරිස විසිර යාම සිදු කෙරිණ.

සියළු ජාතින් අතර සහජිවනය ඇති කිරිමේ අරමුණින් සහ දමිල දරුවන් අනිවාර්යෙන්ම අමතර භාෂාවක් ලෙස සිංහල භාෂාව කතා කිරිමට සහ ලිවිමටත්, සිංහල සංස්කෘතිය පිලිබදව දැන සිටිය යුතු නිසා තමන් නොමිලේ වතුකරයේ දමිල ළමුන්ට සිංහල භාෂාව සහ අක්ෂර පිලිබදව ඉගැන්විම සිදු කල බවත්, මේ සදහා තම පවුලේ සමාජිකයන්ගේ සහය ලැබුණු බවයි බේගම් මහත්මිය කියා සිටියේ.

ළමුන් විසිර යාමේ උත්සවයේදි සිංහල සහ දමිල සංස්කෘතික අංග කිහිපයක් සහ නරිබැණා වේදිකා නාට්‍ය ඉදිරිපත් කෙරිණ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඒ.එච්.එම්.ෆස්ලාන් මහතා සහභාගි වු අතර, උත්සවය සදහා එම ළමුන්ගේ දෙමව්පියන්ද සහභාගි විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT