Local

සුව ඇමති රෝහල් දෙකක විශේෂ නිරීක්ෂණ චාරිකාවක

Tuesday, 23 January 2024 - 7:49 pm

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (23) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ ඇල්පිටිය මුලික රෝහල් වල විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙරට පලාත් සභාව මගින් පාලනය වන මූලික රෝහල්, දිසා රෝහල්, ප්‍රාදේශීය රෝහල්, පර්යන්ත ඒකක ඇතුලු  සෞඛ්‍ය මධ්‍යස්ථාන වල පවතින භෞතික මෙන්ම මානව සම්පත් වල අඩුපාඩු, හිඟතාවයන් පිළිබද එම ආයතන වලටම ගොස් සොයා බලා කෙටිකාලීන, මධ්‍යකාලීන මෙන්ම  දීර්ඝකාලීන විසදුම් ලබා දෙමින් ශ්‍රී ලාංකේය ජනතාවට විධිමත් කාර්යක්ෂම, සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදූකරගෙන යනු ලබන විශේෂ වැඩසටහනට සමගාමීව මෙම නිරීක්ෂණය සිදු කර තිබෙයි.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ, නේවාසික රෝගීන්ට ප්‍රතිකාර ලබාදී නිවෙස්වෙත යාම සදහා වෛද්‍ය නිර්දේශය ලැබුනු පසු සිදුවන අනවශ්‍ය  ප්‍රමාදය අවම කිරිම පිළිබදව අවධානය යොමු විය යුතු බවයි.

හදිසි අනතුරු නිසා ප්‍රතිකාර ගැනිම සදහා විශාල පිරිසක් රෝහල්වලට ඇතුලත්වන බවත්,  මිලියන 06 වන රෝහල් ගතවීම් අතරින් මිලියනකට හේතු වන්නේ හදිසි අනතුරු බව ද පෙන්වා දෙන ලදි. මේ හේතුවෙන් සෞඛ්‍ය අංශයට විශාල පිරිවැයක් දැරිමට සිදුව ඇති බවද රෝගීන් ප්‍රතිකාර සදහා ඇතුලත් කර ගෙන ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු නොවිමසා සියළු ප්‍රතිකාර ලබාදෙන වෙනත් කිසිදු රටක් ලොව නොමැති බව ද පෙන්වා දෙන ලදි.

මෙහිදී බලපිටිය මූලික රෝහලට භෞතික සම්පත් සංවර්ධන පිළිබදව අවධානය යොමු කරමින් රෝහලට අත්‍යාවශ්‍ය මල්ටි මොනිටර්, වායුසමීකරණ යන්ත්‍ර, පරිගණක, අල්ට්‍රා සවුන්ඩ් මැෂින්  ඇතුලු වෛද්‍ය උපකරණ මෙන්ම රෝහලේ පින්තාරු කටයුතු සහ සුළු අළුත්වැඩියා කටයුතු සදහා රුපියල් මිලියන 100 ක මුදලක් ද,  ඇල්පිටිය රෝහලට රුපියල් මිලියන 80 ක මුදලක් ද වෙන් කිරිමට තීරණය විය.

රෝහල් වාට්ටු, ඖෂධාගාර, බාහිර රෝගී අංශ, හදිසි ප්‍රතිකාර අංශ, අධි සත්කාර ඒකකය ඇතුළු අනෙකුත් අංශ වල විශේෂ නිරීක්ෂණයක නිරත වුණු සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී රෝහලට ඖෂධ ලැබීමේ ක්‍රමවේදය, ඖෂධ වල හිඟතාවයක් පවතින්නේ ද යන්න පිලිබදව විශේෂයෙන් සොයා බැලීමක් සිදු කරන ලද අතර, රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරය, රෝහල තුල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්වය,  රෝහල්වලට ලැබිය යුතු මානව හා භෞතික සම්පත් වල අවශ්‍යතාවයන් පිලිබදව විශේෂ අවධානයක් යොමු කලේය.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ජාවක නිරත වෙමින් කාර්ය මණ්ඩලයට පවතින රාජකාරී ගැටලු හා අනෙකුත් ගැටලු පිළිබදව විමසීමට මෙන්ම ඒවාට විසදුම් ලබාදීමටද අමාත්‍යවරයා කටයුතු කරන ලදී.

බලපිටිය මුලික රෝහල A ශ්‍රේණියේ මුලික රෝහලක් වන අතර 1887 වර්ෂයේ දී එය ප්‍රාදේශීය රෝහලක් ලෙස  ආරම්භ කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ පැරණිතම රෝහලක් ලෙස සැලකෙන බලපිටිය මුලික රෝහලේ මේ වනවිට නේවාසික රෝගීන් සදහා  ඇදන් ධාරිතාවය 477 ක් වන අතර දැඩි සත්කාර ඒකක ඇදන් 4 කින් ද, යුක්ත වේ. දෛනිකව බාහිර රෝගී අංශයෙන් හා සායන මගින් ප්‍රතිකර ලබා ගැනීමට දහසකට ආසන්න ජනතාවක් රෝහලට පැමිණෙන බව රෝහල් දත්ත පෙන්වා දෙයි .

ප්‍රා‌දේශීය රෝහලක් ලෙස ආරම්භ කරනු ලැබු ඇල්පිටිය මුලික රෝහල 2005 වර්ෂයේ දී, A ශ්‍රේණියේ මුලික රෝහලක් බවට පත් කර ඇති අතර නේවාසික රෝගීන් සදහා  මේ වනවිට ඇදන් ධාරිතාවය 368 කි. දැඩි සත්කාර ඒකක ඇදන් 4 කින්  ද, සමන්විත වන රෝහල මගින් ‌දෛනිකව බාහිර රෝගී අංශ හා සායන මගින් 800 කට අධික ප්‍රදේශයේ ජනතාවකට සෞඛ්‍ය සේවාව සපයන බව රෝහල් දත්ත පෙන්වයි.

මෙම නිරීක්ෂණ චාරිකාවන් සදහා දකුණු පළාත්  ආණ්ඩුකාර විලී ගමගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, බලපිටිය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය අතුල ක්‍රිෂාන්, ඇලිපිටිය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය මුදිත අමරසිංහ, සෞඛ්‍ය  අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉංජිනේරු) සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය) ජනප්‍රිය කරුණාතිලක, දකුණු පළාත් සෞඛ්‍ය ලේකම් ක්‍රිෂාන්ත මහේන්ද්‍ර, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය  සෝමරත්න යන මහත්වරුන් ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්, හෙද නිලධාරීන්, ඇතුළු සියලු වෘත්තීන් නියෝජනය කරමින් පිරිසක් ද සහභාගී වුහ.


Top Stories
wedivistara

ලංකාවට අද එන අමෙරිකාවේ ඩොනල්ඩ් ලූ

wedivistara

ජුනි 01වැනිදා සිට ඉතාලියේ වීසා දෙන්නේ VFS ආයතනයෙන්

wedivistara

නෙළුම් කුළුණේ Base Jump සිදුකරමින් සිටි විදේශිකයෙකු තුවාල ලබයි

wedivistara

විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

wedivistara

විරෝධතාකරුවන් පිරිසකට උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිකරණ නියෝගයක්

wedivistara

O/L ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp සමූහයකට මුදා හැරීමේ සිද්ධියට සැකපි​ට තවත් අයෙක් අත්අඩංගුවට

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්


NEWS ALERT