Local

වැවිලි බෝග අපනයනයෙන් ඩොලර් මිලියන 1118ක ආදායමක්

Tuesday, 30 July 2024 - 2:03 pm

තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝග පහ අපනයනය මගින් 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 1118.06ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2023 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ මෙම වැවිලි බෝගවලින් උපයන ලද අපනයන ආදායම ඩොලර් මිලියන 884.6කි. ඒ අනුව පසුගිය වර්ෂයේ පළමු මාස හතර තුළ අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන 234ක ආදායමක් මෙම වර්ෂයේ පළමු මාස හතර තුළ දී ඉපැයීමට හැකි වී තිබේ.

ශ්‍රී ලංකාවේ වැවිලි අංශයේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (29) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති අතර එහිදී මෙම කරුණු අනාවරණය විය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී තේ හා පොල් වගාවන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය සම්බන්ධව සාකච්ඡා කරනු ලැබීය.

තේ වගාවන් සඳහා පොහොර යෙදීම ප්‍රවර්ධනය සඳහා දැනට ලබා දෙන රුපියල් 2000ක සහනාධාරය තවත් දෙගුණයකින් ඉහළ නැංවීමට තීරණය විය. ඒ අනුව තේ පොහොර සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට පියවර ගත්තේය. මෙම සහනාධාරය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරනු ලැබ තිබේ.

තේ වගාවන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීම මෙන්ම තේවතුවල ඇති පාරවල් ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩ සටහනක් ද ආරම්භ කිරීමට තීරණය කරනු ලැබීය. දැනට නෙලන තේ දළු කර්මාන්තශාලා දක්වා ප්‍රවාහනය කිරීමේ දී මාර්ගවල ඇති අපහසුතා නිසා තේවල ගුණාත්මකභාවයට හානි සිදුවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව තේවතුවල ඇති දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකරන ලද පාරවල් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සතු මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ පිළිවෙළක් වහා අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ශ්‍රී ලංකා කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති ඒ.එම්. එච්. එල්. අබේරත්න සහ ශ්‍රි ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් යන මහත්වරු ද සහභාගි වූහ.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT