ගුවන් හමුදාවට ගුවන් යානාවන් සදහා කුලී මුදල් ලෙස රාජ්‍ය ආයතන 10කින් හා පෞද්ගලික ආයතන 02කින් රුපියල් එක්කෝටි විසිහය ලක්ෂ හෑත්තෑහතරදහස් හැත්තෑතුනක මුදලක් අය විය යුතුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එමගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වන්නේ වසර 05ත් 20ත් අතර කාලයක සිට මෙම මුදල් අයවීමට ඇති බවය.
2016 වර්ෂයේ සිට ගුවන් හමුදාව විසින් ගුවන්යානා කුලී ආදායම් ඉපයීම අහිතකර ලෙස අඩුවී ඇති බවත් එහි දැක්වෙයි.