Local

බෙලිඅත්ත සහ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය සේවාවක්

Thursday, 28 December 2023 - 5:17 pm

අනුරාධපුර රුවන්මැලි  මහාසෑය අභියසදී පැවැත්වනු ලබන ආරියවංශ දේශනාව වෙනුවෙන් බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සැළසුම් කර ඇතැයි දුම්රිය මූලස්ථානය සඳහන් කරයි.
එම විශේෂ දුම්රිය එළඹෙන 30 වනදා පෙරවරු 4.15 ට බෙලිඅත්තේ සිට ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය පස්වරු 1.10ට අනුරාධපුරයට ළඟාවීමට නියමිතයි.
මෙම පිංකමට සහභාගී වූ පිරිසට යළි පැමිණීම සදහා ලබන 31 වනදා පෙරවරු 09.30ට අනුරාධපුරයෙන් විශේෂ දුම්රිය ගමන් ආරම්භ කිරීමටයි සැළසුම් කර තිබේ.
මීට අමතරව මහනුවර සිට මෙම පුණ්යකර්මය සඳහා සහභාගීවන බැතිමතුන්හට මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 6.50 ට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1036 දුම්රියෙන් පොල්හහවෙල දුම්රිය ස්ථානයට පැමිණ මෙම විශේෂ දුම්රියෙන් අනුරාධපපුරය දක්වා ගමන් පහසුකම් සලසා ඇති බව ද එම මූලස්ථානය පවසයි.
2023.12.30 බෙලි අත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වන විශේෂ දුම්රිය
බෙලිඅත්ත පිටත්වීම පෙ.ව. 04.15
කොළඹ කොටුව පිටත්වීම පෙ.ව. 08.15
පොල්ගහවෙල පිටත්වීම පෙ.ව. 09.40
අනුරාධපුරය ළඟා වීම ප.ව. 13.10
2023.12.31 අනුරාධපුරය සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන විශේෂ දුම්රිය
අනුරාධපුරය පිටත්වීම පෙ.ව. 09.30
පොල්ගහවෙල පිටත්වීම ප.ව. 12.30
කොළඹ කොටුව පිටත්වීම ප.ව. 15.10
බෙලි අත්ත ළඟා වීම ප.ව. 19.20
 
එම නිවේදනය පහත දැක් වේ.
413950257 924682405884962 5073288884398948242 n


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT