Local

ජාතික පැළ සිටුවීමේ නැකතට පැළ ලබා ගැනීමට බීජ රෝපණය කරයි

Thursday, 21 March 2024 - 8:29 am

අප්‍රේල් මස 18 වැනි දින පෙරවරු 10.16ට යෙදෙන ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

මේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර, පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්, කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා එක්වූ අතර, එහිදී ගෙවතු වගාවට යොදා ගන්නා පැළ මෙන්ම පටක රෝපණ ක්‍රමයට සකස් කරන ලද කෙසෙල් පැළ ද රෝපණය කරනු ලැබීය. අප්‍රේල් 18 වැනි දිනට යෙදී ඇති නැකතට පැළයක් වැඩසටහනට සමගාමීව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 100,000ක්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 30,000ක් ද වගා කිරීමට සැලසුම් කර ඇත.එමෙන්ම කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් තේ වගාවන්හි පාළු සිටුවීමට තේ පැළ මිලියනයක්ද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පුවක් පැළ මිලියන 1.7ක් ද රෝපණය කිරීමට සැලසුම් කර තිබේ.

ඉදිරි කාලයේ තමන්ට අවශ්‍ය එළවළු හෝ පලා වර්ග තම ගෙවත්තේම වගා කර ගැනීමට ඵල දරන කුමන හෝ පැළයක් රෝපණය කිරීමට පියවර ගන්නා ලෙස ඇමැති මහින්ද අමරවීර  ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.මීට අමතරව 2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා පූජා කරන අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 06 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT