Local

බලය බෙදන හැටි ගැන ජනාධිපති එක්ක සාකච්චා කලා..- රාසමානිකම්

Friday, 06 December 2024 - 10:48 pm

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා බලය බෙදා දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා සාකච්ඡා සමග සාකච්ඡා කළ බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශානක්‍යන් රාසමාණිකම් මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය අමතමිනි.

“අපේ සාකච්ඡාවේදී ඉදිරි අනාගතයේදී අලුත් ව්‍යවස්ථාවක් තුළින් දේශපාලන විසඳුමක් සම්බන්ධව, බලය බෙදීම පිළිබඳව, වගේම අතුරුදන් වූවන් පිළිබඳව, ඉඩම් ආරවුල් සම්බන්ධව, හමුදා කඳවුරුවලින් ඉඩම් අත්පත් කරගෙන තිබීම ගැන සාකච්ඡා කළා.

ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ස්ථාවරය කොහොමද කියන එක සාකච්ඡා කළා.

උතුරේ සහ නැගෙනහිර උපරිම බලය බෙදීම පිළිබඳව අපි ඉල්ලීම් කරලා තියෙනවා.
ජනාධිපති අපිට කිව්වේ ඉදිරි කාලයේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් කියලා.

ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත. යම් යම් ජාතිවාදී ප්‍රකාශ කියවුණු නිසා මේ ජාතිවාදය නැති කිරීමේ අවශ්‍යතාවක් වශයෙන් මේක භාවිත කළා මිසක්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මින් ඉදිරියට භාවිත කරන්න කැමති නෑ කියන එකත් ප්‍රකාශ කළා. දේශපාලන සිරකරුවන්ට ඇප දෙන්න පුළුවන්ද කියලා සොයා බලලා ඒක කරන්නත් ජනාධිපතිතුමා කැමති වුණා “.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT