Local

IMF එකඟතාවයන් ආරක්ෂා කරගනිමින් ඉදිරි වසර දෙක තුළ ජනතාවගේ බදු බර සැහැල්ලු කරනවා -ජනපතිගෙන් පොරොන්දුවක්

Saturday, 31 August 2024 - 6:58 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය ලබාදුන් රටවල් 18ත්, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතාවන් ද ආරක්ෂා කර ගනිමින් ඉදිරි වසර දෙක තුළදී ජනතාවගේ බදු බර සැහැල්ලු කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන් වන්නේ ජනතාවගේ ආදායම් මාර්ග වැඩිකර, රුපියල ශක්තිමත් කර සහන ලබාදීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ප්‍රතිපත්ති අනුගමනය නොකර හිතුමතේ බදු අඩු කළහොත් සිදුවන්නේ රටේ ආර්ථිකය නැවත කඩා වැටීම බවද අවධාරණය කර ඇති බව සඳහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අවධාරණය කර සිටියේ ජාඇල නගරයේ සංවිධානය කර තිබූ පුළුවන් ශ්‍රී ලංකා ජන රැලිය අමතමින්.

එහිදී ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බදු ඉවත් කළ විට ආර්ථිකය දියුණු වන බව පවසමින්, බදු අඩුකළ බවත් එහිදී රටේ ආර්ථිකය කඩාවැටුණු බවයි.

එමෙන්ම සජිත් සහ අනුර අද ජනතාවට ලබාදෙමින් සිටින්නේ දේශපාලනය අරමුණු කරගත් පොරොන්දු මිස රටේ සහ ජනතාවගේ අනාගතය පිළිබඳ සිතා බලා ලබාදෙන පොරොන්දු නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර සිටියා.

තවද ඔවුන් සැබෑ ලෙසම ජනතාව පිළිබඳ සිතනවා නම් 2022 ආර්ථික අභියෝගය හමුවේ රට භාර ගැනීමට තිබූ බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT