Local

හැම ගමකටම විදුලිය දුන්නේ මමයි..

Monday, 19 August 2024 - 7:05 pm

පසුගිය වතාවේ ගෝඨාභය පැමිණියා සේම මෙවර ආචාර්ය, මහාචාර්ය වෙස් මුහුණෙන් ජාතික ජනබලවේගය පැමිණියද එහි ඇතුලත සිටින්නේ රට තුළ කැරලි දෙකක් මෙහෙයවා තරුණ ජීවිත අහිමි කරමින් ලේ ගංගා ගලා යාමට සැලැස්වූ ජනතා විමුක්ති පෙරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේ සටන ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුව හා විපක්ෂය අතර නොපවතින බවත් එම සටන සිදුවන්නේ විපක්ෂය හා විපක්ෂය අතර බවත් එම නිසාවෙන් ගෝඨාභයගේ වෙස් මුහුණට රැවටුණා සේ කටයුතු නොකර මාලිමාවේ වෙස් මුහුණ ගලවා දැමීමට මෙවර ජනාධිපතිවරණයේදී කටයුතු කලයුතු බව චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසන ලදී.
ඒ මහතා මේ බව පවසා සිටියේ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස රුවන්වැල්ලේදී පවත්වනු ලැබූ විජයග්‍රාහී ජන රැළිය අමතමිනි.
එහිදී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්:
“2019 කූට නාටකයක් රඟදැක්වූවා, ජනමාධ්‍ය වල සෙල්ලමක් ගෙනිච්චා රටේ ජාතික ආරක්ෂාව අනතුරේ, රටට උගත්තු වියත්තු ඕනේ, රටේ හැමතැනකම බෝම්බ බිය මුස්ලිම් ජනතාවගේ බිය මතු කරලා ඒ නාටකය හරහා ගෝඨාභය රාජපක්ෂ ගෙනාවා. මේ රටේ හෙළ වෙදකමට නිගා දෙමින් ධම්මික පැණියක් ගෙනල්ලා කොවිඩ් වලින් තිස්දාහක් ඝාතනය කරන්න කටයුතු කළා. හෙළ ගොවිතැනට නිගා දෙමින්, අකාබනික දේවල් දාන්න එපා කියලා, අපේ කුඹුරු ගොවිතැනට, තේ වගාවට, රබර් වගාවට සම්පූර්ණයෙන් විනාශය කැන්දෙව්වා. වේල් තුන කාපු මිනිස්සු, රොටියයි, ලුණු මිරිසයි කන තැනට මහින්ද මහත්තයා පත් කළා නේද?
ඒ වගේම ඔබට මතකයි මහා කයිවාරු ගහලා තෙල් සංස්ථාව අතට අරගෙන කයිවාරු කුක්කෙක් මේ රටේ තෙල් පෝලිම් හදලා තෙල් පෝලිමේ මිනිස්සු මිය යන තැනට පත්කළා. පැය දාහතරක් විදුලිය කැපුවා. එදා තිස්ස විතාරණ මහත්තයත් එක්ක මේ තුන් කෝරළේ සෑම ගමකටම ‘විදුලමු ලංකා’ වැඩපිළිවෙළ යටතේ අපි තමයි එදා විදුලිය ලබා දුන්නේ. ඒ වගේම මේ රටේ ධනපතියන්ට දැවැන්ත බදු සහන ලබා දීලා රටේ ආදායම බින්දුවට බස්සලා රට බංකොලොත් භාවයට පත් කළා. මතක තියාගන්න 2022 අප්‍රේල් 12 කියන්නේ 1815 මාර්තු 02 වෙනිදා වගේම ඉතාමත්ම අඳුරු අවස්ථාවක් අපේ ඉතිහාසයේ. ඇයි? අපේ ස්වෛරීභාවය පාවා දුන්නා විදේශික ණය හිමියන්ට. අද ඒ විදේශික ණය හිමියන්ට ඕන විදිහට නටන රටක් බවට මේ රට පත් කරලා. ඒ නිසා ලබන 21 වෙනිදා ඔබ මේ ඡන්දය ලබා දෙන්නේ මේ රට දෙවන නිදහස් අරගලයකින් නිදහස ලබා ගැනීමේ සටනටයි.
අද ශ්‍රේෂ්ඨාධිකරණය කෙලින්ම තීරණය කරලා තියෙනවා, මේ රට බංකොලොත් කරලා, ස්වෛරීභාවය අහිමි කරලා, මිනිස්සුන්ව දුගී දුප්පත්කමට අතෑරියේ, ව්‍යාපාරිකයන්ට මිනිස්සුන්ට තරුණයින්ට අනාගතයක් නැති කළේ. මහින්ද රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කියලා. ඒගොල්ලන්ට තාම දඬුවමක් නෑ. අපිට පුළුවන් හොඳ දඬුවමක් මහින්ද මහත්තයාට දෙන්න. ඒ කොහොමද? විසි එක් වෙනිදට නාමල් පුතාව බින්දුවට බස්සලා, මහින්දට අපි දඬුවම දෙමු මිත්‍රවරුනි. අන්න එහෙමයි මහින්ද මහත්තයෝ 1931 න් ඇතිවෙච්ච ඕගොල්ලන්ගේ පවුලේ දේශපාලනය මේ සැප්තැම්බර් 21 වෙනිදා අතුගාලා දාන්නේ.
ඒ විතරක් නෙවෙයි පට්ටපල් බොරු කියලා ලී ක්වාන් යූ කියලා, ගිරිය පුප්පගෙන කෑගහලා, මහතීර් මොහොමඩ්ලා කියලා, දුටුගැමුණුගේ නැවත උපතක් කියලා මේ රටේ සිංහලයෝ බෞද්ධ ජනතාව රවට්ටලා, ගිය කට හැකරයෝ තුන් හතර දෙනෙක් හිටියා නේද? අන්න ඔවුන්වත් බිංදුවට බස්සන්න මේ 21 වෙනිදා ඔබට රත්තරන් අවස්ථාවක් තියෙනවා.
මේ ජනාධිපතිවරණය කරුණු දෙකක් නිසා හරිම සුවිශේෂයි. එකක් බංකොලොත් රටක පවත්වන පළවෙනි ජාතික මැතිවරණය. දෙක ජනාධිපතිවරනයේදී හැමදාම සටන තියෙන්නේ ආණ්ඩුවයි, විපක්ෂයයි අතරේ. අද සටන තියෙන්නේ විපක්ෂම කණ්ඩායම් දෙකක් අතර. ඒක තමයි ඇත්ත. මේ සටනෙදි අත්දැකීමක් නැති, කළමනාකරණයක් දැනුමක් නැති, වෙස් මූණක් දාගෙන ජාතික ජනබලවේගය කියාගෙන ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ ඒ වෙස් මූණ ගලවන්නත් මේ ජනාධිපතිවරණය අපි යොදාගන්න ඕන. මේ මාලිමාව අලුත් එකක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ අලුත් එකක් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණ මටත් වඩා වැඩිමල්. කැරලි දෙකක් ගහලා තියෙනවා. ලේ ගංගා ගලා ගිහින් තියෙනවා. තරුණ පරම්පරා ජීවිත අහිමි කරලා තියෙනවා. දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රටින් පිටමං කරලා තියෙනවා.
අද වෙස් මුණක් දාගන ඉන්නවා ආචාර්ය මහාචාර්ය අර විද්වත් මේ විද්වත් කියලා. ඔය වෙස් මූණම තමයි නූගත් ගෝඨාභය දාගෙන ආවේ. ඒක නිසා මේ මාලිමාවේ ආචාර්ය, මහාචාර්ය වෙස් මූණු වලට අපි කියන්නේ ඔය පිටරට ඉඳන් පැල් බැඳගෙන ඇවිල්ලා ඡන්දේ දෙන අයට අපි කියන්නේ, ‘අපි ගෝඨාට’ කියාගෙන ඕගොල්ලෝ ඇවිල්ලා, මේ රටේ ලක්ෂ දෙසීය විස්සක් අමාරුවේ දැම්මා. ඒ අමාරුවේ දාපු වංචාවේ මතක අපට තියෙනවා. ඒක නිසා, 21 වෙනිදට මේ රට මෙතනින් ඔබ්බට වර්ධනයක් කරා ගිහිල්ලා ණය ගෙවන්න පුළුවන් රටක් අභිමානවත් ජාතියක් කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාව, සමගි ජන බලවේගය දිනවන්න කටයුතු කරන මෙන් ඉල්ලනවා.”


Top Stories
wedivistara

පොල් පැළ ලක්ෂ 04ක් අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීමට තීරණයක්

wedivistara

සැකකරු අත්අඩංගුවට ගත්තාද නැද්ද කියන එක මේ වැඩ වර්ජනයට අදාළ නෑ - GMOA

wedivistara

හමුදාවෙන් පළාගිය පුද්ගලයින් 875 ක් අත්අඩංගුවට

wedivistara

අනුරාධපුර රෝහ​ලේ වෛද්‍යවරිය දූෂණය ක​ළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 05 ක් යොදවයි

wedivistara

මම ඔබේ හතුරෙක් නෙවෙයි, මිතුරෙක් - දිලිත්

wedivistara

අපේ ප්‍රතිපත්තිය පාසල් 10,000ට කෝටිපතියෝ 10,000ක් හොයන එක නෙවෙයි - කෞෂල්‍යා ආරියරත්න

Trending
wedivistara

අපේ වගේ නෙමෙයි, Al Jazeera පැය දෙකක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ හොද කරුණු නෑ. - රනිල් මාධ්‍යයට කියයි

wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

දේශබන්දු පිළිබඳ තොරතුරක් ඇතොත් CID වෙත දැනුම්දෙන්​න - පොලීසිය

wedivistara

වසර හතකට පසු කළමනාකරණ නිලධාරීන් බඳවා ගැනීමට පියවර


NEWS ALERT