පාකිස්තාන හිටපු වේගපන්දු යවන ක්රීඩක අකීබ් ජාවේඩ් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
ඒ අනුව, ඔහු 2024 විස්සයි විස්ස ලෝක කුසලානය අවසන් වන තෙක් ශ්රී ලංකා කණ්ඩායම සමග කටයුතු කිරීමට නියමිත බව ක්රිකට් ආයතනය සඳහන් කළේ.
ඔහු මීට පෙර පාකිස්තානය, එක්සත් අරාබි එමීර් සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම්වල පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.