Local

අස්වැසුම නොලද සුදුසුකම් සපුරන පවුල් ලක්ෂ දහයකට ජූලි මාසයේ සිට ප්‍රතිලාභ

Thursday, 01 February 2024 - 8:02 am

අවදානම් කාණ්ඩයේ පවුල් ලක්ෂ 8කට රු.5,000ක දීමනාවක්

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ඇති මෙතෙක් ප්‍රතිලාභ නොලැබුණු පවුල් දස ලක්ෂයකට ලබන ජූලි මාසයේ සිට ගෙවීම් කටයුතු සිදු කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඊයේ (30) ප්‍රකාශ කළේය. අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දෙවැනි වටය සඳහා අයදුම්පත් කැඳවීම මේ වසරේ මුල් කාර්තුවේ සිදු කර ජුනි මාසයේදී සියලු කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ජූලි සිටම ගෙවීම් සිදු කරන බව ද ඇමැතිවරයා පැවසුවේය.

දැනට අස්වැසුම හිමිකම් ලබා ඇති පවුල් සංඛ්‍යාව උපරිමය පවුල් මිලියන 2.4ක් දක්වා ඉහළ යන අතර මෙම යෝජනා ක්‍රමය සංශෝධන ඇතුළත් කරමින් ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය හිමි වූ බව ද හෙතෙම කීවේය.

ඒ අනුව අස්වැසුම සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතුරින් අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය අප්‍රේල් මස 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනි දින දක්වාත් සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වාත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය හා සංක්‍රාන්තික සමාජ කාණ්ඩය (ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආදායම පහළ වැටී ඇති) යන කාණ්ඩ දෙක ඒකාබද්ධ කර පවුල් ලක්ෂ අටක් සඳහා අවදානමට ලක් වූ කාණ්ඩය ලෙස ජනවාරි 01 වැනිදා සිට සැලකීම සහ එම පවුල් සඳහා රුපියල් 5,000ක දීමනාවක් එදින සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා ගෙවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වේ. තොරතුරු සහතික කිරීමේ ක්‍රියාවලියකින් පසුව අස්වැසුම පවුල් ලැයිස්තුවට අයත් හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගී පුද්ගලයන් සඳහා රුපියල් 7,500ක්, ආබාධිත පුද්ගලයන් සඳහා රුපියල් 7,500ක් හා වැඩිහිටි පුද්ගලයන් සඳහා රුපියල් 3,000ක් වශයෙන් අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාසික දීමනාවක් ගෙවීමටත් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ. දැනට දීමනා ලබන සහ පොරොත්තු ලේඛනවල ලියාපදිංචිව සිටින හේතුව හඳුනා‌ නොගත් වකුගඩු රෝගී පුද්ගලයන් සඳහා රුපියල් 7,500ක්, ආබාධිත පුද්ගලයන් සඳහා රුපියල් 7,500ක් හා වැඩිහිටි පුද්ගලයන් සඳහා රුපියල් 3,000ක් වශයෙන් ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කර මෙම ගෙවීම් අස්වැසුම වැඩසටහනට බාහිර වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්/ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් සිදු කිරීමටත් නියමිතය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT