Local

මොනරාගල, නාමල්ඔය සහ ඉඟිනියාගල වෙඩිතැබීම් වලින් සිව්දෙනෙක් මරුට

Sunday, 04 August 2024 - 10:55 am

අද (04) අලුයම සිදුකළ වෙඩිතැබීම් කිහිපයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ අලුයම 2.45ට පමණ අම්පාර, නාමල්ඔය ප්‍රදේශයේ නිවසක දී වෙඩිතබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කර ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ කරාඬුගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන්ය.

එමෙන්ම ඉඟිනියාගල, නෙල්ලියද්ද ප්‍රදේශයේ නිවසක දී 54 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණිය වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය පැවසීය.

මේ අතර කරාඬුගල පොලිස් ස්ථානය තුළ 42 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

පොලීසිය සැකකකරනු ලබන්නේ එම සියදිවි නසාගත් පොලිස් නිලධාරියා විසින් 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයාට, කාන්තාවට සහ දියණියට වෙඩිතබා පසුව ඔහු ද වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවය.

මේ අතර සෙවණගල ප්‍රදේශයේ නිවසක සිදුවූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.


Top Stories
wedivistara

මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

wedivistara

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අගමැතිනියගේ සහභාගිත්වයෙන් සමරයි

wedivistara

ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

wedivistara

ප්‍රදේශ කිහිපයකට තද වැසි

wedivistara

වෛද්‍යවරුන් වර්ජන සුදානමක

wedivistara

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

Trending
wedivistara

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

අනුරාධපුරයට පැමිණෙන ඔබට APP එකක්

wedivistara

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

wedivistara

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

wedivistara

පොසොන් දින පණිවුඩ


NEWS ALERT