පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් සිය වටිනා ඡන්දය භාවිතා නොකරන ලෙස ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.
පිළිගත් දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායම් වෙත ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මනාප ලබාදීමේදී වරදාන,වරප්‍රසාද ,පොරොන්දු පිළිබඳව අවධානය යොමු නොකර රටට යහපත කරා ගෙන යා හැකි දූරදර්ෂි ණායකයෙකු පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කළයුතු බව පැවසීය.
ඡන්ද දායකයින් රවටන පුද්ගලයන්ට මනාප ලබාදිමෙන් වැලකිය යුතුය.
වංචා ,දූෂණ සහ අක්‍රමිකතා වලට සම්බන්ධ පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව පැවසීය.