කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කමක් සඳහා ඇතුළත් කෙරුණු තුන් හැවිරිදි දරුවකුගේ වකුගඩුවක් ඉවත් කිරීමේ සිද්ධියට අදාළ නඩුකරය ලබන 25 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අදාළ නඩුව අද (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දරුවාට සැත්කම සිදුකළ බව කියන, මේ වන විට විදේශගත වී සිටින, වෛද්‍ය නවීන් විජේකෝන්ගේ ප්‍රකාශය ද අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඉන් අනතුරුව මෙම දරුවාගේ මරණයට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 25 වනදා දක්වා කල් තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.