Local

රනිල් දිනවන්න ගම්පහ පොහොට්ටු, එජාප, ශ්‍රීලනිප ඒකාබද්ධ වැඩපිලිවෙලක්…

Monday, 05 August 2024 - 7:45 am

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම සඳහා ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසක්.
ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම ඒකාබද්ධ වැඩපිළිවෙල සකස් කෙරිණ.
ගම්පහ ආසනයේ ගම්පහ මහ නගර සභාව සහ ගම්පහ ප්‍රාදේශීය සභාව ලෙස පළාත් පාලන ආයතන දෙකක් ක්‍රියාත්මකයි. එහි පොහොට්ටුවේ කැඳවුම්කරු වන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන මහතායි.
ගම්පහ ආසනයේ පාර්ලිමේන්තු මන්තී්‍රවරයා ලෙස කටයුතු කළ නාලක ගොඩහේවා මහතා මේ වනවිට සජබය එක්ව සිටියි.
ඒ නිසා ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඇමති ප්‍රසන්න රණතුංග මහතායි.
ගම්පහ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 22කි. ඉන් මන්ත්‍රීවරු 16 දෙනෙක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ඊයේ පැවැති රැස්වීමට සහභාගී වී සිටියහ.
ගම්පහ නගර සභාව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 17කි. ඉන් 12 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරයි.
මීට අමතරව ගම්පහ ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා වන වරුණ දීප්ත රාජපක්ෂ මහතා සමඟ පළාත් පාලන කොට්ඨාශ නියෝජනය කරන එජාප නියෝජිතයන්ද රැස්වීමට සහභාගී වී සිටියහ.
ගෙන්ගෙට යාම්, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, කුඩා ජන හමු මෙන්ම, ඩිජිටල් තාක්ෂණය උපයෝග කර ගනිමින් සිදු කරන ජනාධිපති මෙහෙයුම් කටයුතු ඒකාබද්ධව සිදු කිරීමට මෙහිදී සියළු පක්ෂවලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක්ද පත් කෙරිණ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT