Local

කමිටු වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන්නේ ඊබ්‍රහිම්, රවි, ශානි බේරා ගන්නයි..

Thursday, 31 October 2024 - 2:28 pm

ආණ්ඩුව පාස්කු කමිටු වාර්තා පදනමකින් තොරව ප්‍රතික්ෂේප කරන්නේ තමන් පාස්කු විමර්ශනය භාර දීමට සිටින පාස්කු චුදිතයින් දෙදෙනා බේරා ගැනීමට කියන එක පැහැදිලි බව සර්වජන බලය කොළබ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේපිටකෝට්ටේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

අල්විස් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කළ ආකාරයටම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතිතුමා විසින් ඉමාම් කමිටු වාර්තාවත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අල්විස් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන අවස්ථාවේ ඒකට හේතුව විධියට කමිටු සභාපතිනියට විෂමාචාර චෝදනා තිබෙන බවට බොරුවක් කිව්වා. කමිටු සභාපතිනිය විෂමාචාරයකට වැරදිකරු වුණු බව පුළුවන් නම් ඔප්පු කරන්න කියලා මම විජිත ඇමතිතුමාට අභියෝග කළා. තමන් කිව්වේ පට්ටපල් බොරුවක් බව විජිත ඇමතිතුමා නිහඬතාවයෙන් පිලිගත්තා.

ඒ වගේම සාමාජිකයින්ගේ හැකියාව හෝ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒක මතු කරන්න ඕනි කමිටුව පත් කළ අවස්ථාවේ මිස වාර්තාව නිකුත් කරලා ඒක තමන්ට අවාසියි කියලා දැක්කාම නොවේ කියන එක අපි පෙන්වලා දුන්නා. ඉමාම් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන විට අඩුම ගණනේ ඒකට හේතුව කියන්නවත් ආණ්ඩුව ඉදිරිපත් වුණේ නෑ. මෙම වාර්තා ප්‍රථික්ෂේප කිරීමේ බලය තිබෙන්නේ අභියාචනා අධිකරණයට මිස රජයේ මාධ්‍ය ප්‍රකාශකට නොවන බව මම විජිත හේරත් මැතිතුමාට මතක් කරනවා.

ඒ නිසා මේ වාර්තා පදනමකින් තොරව ප්‍රතික්ෂේප කරන්නේ තමන් පාස්කු විමර්ශනය භාර දීමට සිටින පාස්කු චුදිතයින් දෙදෙනා බේරා ගැනීමටයි කියන එක රටටම පැහැදිලියි. පාස්කු නඩුවේ චුදිතයෙකු වෙන්න ඕනි ඒත් එහෙම වුණේ නැති මාලිමාවේ මොහොමඩ් ඊබ්‍රහිම් බේරා ගන්න නම් රවි – ශානි දෙන්නා විතරක්ම මේ විමර්ශනය කරන්න ඕනි කියලා ආණ්ඩුව තීරණය කරලා තිබෙන බවයි මේකෙන් පේන්නේ. නීතියේ ආධිපත්‍ය පිහිටුවන්න පොරොන්දු වෙලා බලයට ඇවිත් පාක්ෂිකයින් වන රවි, ශානි ඊබ්‍රහිම් බේරා ගන්න දරණ කැත උත්සාහය ගැන ජනතාව බලා ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT