Local

ගාළු මුවදොර වාහන සංදර්ශනයට චන්ද්‍රිකා කළ දේ නොවේවා…

Thursday, 26 September 2024 - 8:30 pm

මේ දිනවල ගාළු මුවදොර පිටියේ සිදුවන වාහන ප්‍රදර්ශනය වැනි ප්‍රදර්ශන 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව බලයට පත්වූ පසුද 2015 මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව බලයට පත්වු පසුද සිදුකල බවත් එසේ ප්‍රදර්ශන පැවැත්වූ ආණ්ඩුවලට අත්වූ ඉරණම නව ආණ්ඩුවට අත් නොවේවායි තමන් ප්‍රාර්ථනා කරන බවත් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (26) පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

පසුගිය ආණ්ඩුවේ ලොක්කන් විසින් පාවිච්චි කළ වාහන තොගයක් මේ දිනවල ගාළු මුවදොර පිට්ටනියේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. අපේ තරුණ දුවලා පුතලා එයින් කුල්මත් වෙලා තිබෙන බව සමාජ මාධ්‍ය බලන විට අපට පේනවා. අපට ඒ දරුවන්ට දැනෙන කුල්මත් බව තේරුම් ගන්න පුළුවන්. මොකද අපි තරුණ කාලයේ අපටත් ඔය ප්‍රීතිය ඔය විධියටම දැනුන නිසා. ආණ්ඩු පෙරළියකින් පසු පවත්වන වාහන ප්‍රදර්ශනය පවත්වන්නේ අපේ ජීවිත කාලය තුළ පළමු වතාවට නම් අපටත් ඒ කුල්මත් බව ඇති කර ගන්න තිබුණා.

අපි මේ ප්‍රදර්ශනය මුල් වතාවට දැක්කේ තරුණයෙකු විධියට 1994 දී චන්ද්‍රිකා මැතිණිය බලයට පත් වුණු අවස්ථාවේ දී. ඒ අවස්ථාවේ නම් අපි අතිශයින්ම කුල්මත් වුණා. සමාජ මාධ්‍ය නොතිබුණු නිසා අපි ගිහිල්ලාම වාහන ප්‍රදර්ශනය බැලුවා. ඊට පස්සේ මැදිවියේ පුද්ගලයෙකු විධියට නැවත වතාවක් 2015 දී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බලයට පත් වුණු අවස්ථාවේ ඔය වාහන සංදර්ශනය දැක්කා. සැඳෑ සමය දකිමින් තුන්වන අවස්ථාවටත් මේ සංදර්ශනය දැකීමට ලැබුණාම සංදර්ශන පවත්වපු ආණ්ඩු වලට අත් වුණු ඉරණම සිහිපත් වෙලා සතුටට වඩා බයක් ඇති වෙන්නේ. දූෂණය පිටු දකින්න බලයට ආපු චන්ද්‍රිකා මැතිණිය ගෙදර ගියේ චෞර රැජින වෙලා. යහපාලනය ඇති කරන්න බලයට ආපු සිරිසේන ආණ්ඩුව මාස දෙකක් යන්න කලින් ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව බැඳුම්කර වංචාව සිදු කලා. ඉතිං කලින් ආණ්ඩු දෙකට අත්වූ ඉරණම මේ ආණ්ඩුවට අත් නොවේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.

1994 දී චන්ද්‍රිකා මැතිණියත් ඔය වගේම වාහන සංදර්ශනය අවසානයේ ඒවා වෙන්දේසි කරලා අරමුදල් භාණ්ඩාගාරයට යවන්න පොරොන්දු වුණා. පොරොන්දු වුණා වගේම වැඩේ කලා. කාලයක් ගියාට පස්සේ තමයි අපට තේරුණේ තිබෙන වාහන වෙන්දේසි කලේ පරණ වාහන වෙනුවට අළුත් වාහන ගන්න උප්පරවැට්ටියක් විධියටයි කියලා. 1994 දීටත් වඩා මේ වාහන තොගය පරණයි. මොකද අවුරුදු පහකින් වාහන ආනයනය කරලා නෑනෙ. ඒ නිසා අළුත් වාහන ගන්න 1994 දී සිදු කළ උප්පරවැට්ටිය මෙවර නොවේවා!


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT