Local

IMF ගිවිසුම ගැන වීඩියෝ සාකච්ඡාවට සජබ සූදානම්

Wednesday, 28 August 2024 - 8:09 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති ගිවිසුම් සහ එයට අදාළ අනෙකුත් කරුණු පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වීඩියෝ සකච්ඡාවකට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන බවත්… එම සාකච්ඡාවට එක්වීමට තමන් ඇතුළු කණ්ඩායම ද සූදානම් බව සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වීඩියෝ තාක්ෂණයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් කළ විවෘත ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ මහලේකම් මේ බව සඳහන් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ සඳහන් කරයි.

රටේ ආර්ථික අර්බුදය හඳුනා ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතු යැයි ප්‍රකාශ කළේත් මුලින්ම ඉල්ලීමක් කළේත් සමගි ජන බලවේගයයි. ඒ 2020 වසරේ අගෝස්තු මාසයේදීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රටේ ආර්ථික අර්බුදය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකට ගොස් මූල්‍ය අරමුදලේ සහාය රටට ලබාගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කළේ රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමට පෙරය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණි සෑම අවස්ථාවකදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුව මුණගැසී සාකච්ඡා කොට ඇත. ඒ සෑම අවස්ථාවකදීම සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට බලපාන කොන්දේසි වෙතොත් ඒවා සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සමගි ජන බලවේගය ඉදිරිපත් කොට තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, යෝජනා සහ කොන්දේසි ලෙස පවසමින් රටේ ජනතාව පීඩනයට පත් කරනු ලබන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැබෑ අදහස් නොවන බව අපි දනිමු. එබැවින් ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව ප්‍රකාශ කරමු.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT