Local

රනිල් පැරදුනොත් අපි හැමෝම සමූළ ඝාතනය වෙනවා..

Saturday, 31 August 2024 - 7:47 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් මෙරට ජනාධිපති දුරට පත් නොවුනහොත් අප සියලු දෙනා සමූල ඝාතනය වීම වැළැක්වීමට නොහැකි බව ටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන ලද ජනරැළියක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද කියා සිටියේය.

‘අර්බුදයෙන් එළියට යනවාද, එහෙම නැත්නම් රට යළිත් අර්බුදයකට ගෙනයනවාද කියා කල්පනා කළ යුතුයි.

අද වන විට බංග්ලාදේශයේ තත්ත්වය ඉන්දුනීසියාවට පමණක් නොව මාලදිවයිනටත් පැතිර ගිහින්.

ජවිපෙ කාර්යාල අද රට පුරාම ජන රැලිවලට රට වටෙන්ම බස්වලින් ගේනවා. දවසකට බස් වලට විතරක් ලක්ෂ ගණන් වියදම් කරනවා. ඔවුන්ට මෙතරම් සල්ලි කොහෙද? මේ සල්ලි දෙන්නේ මේ රට යළිත් අර්බුදයකට ඇද දැමීමට උත්සාහ කරන බලවේගයි. ඒ බලවේග ශ්‍රී ලංකාව ගොඩනැගෙනවාට කැමති නැහැ.

ඒ නිසා ජවිපෙට ඕනෑතරම් සල්ලි වියදම් කරනවා. ඒ නිසා අපි රටක් විදිහට සාමූහිකව මැරී වැටිය යුතු නැහැ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ නායකත්වයට යළිත් පත් නොවුණහොත් අප සියලු දෙනා සමූල ඝාතනය වීම වළවන්න බැහැ.’


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT