Local

රජයේ ඉඩම් දෙන බව පවසා වංචා කළ පුද්ගලයන් පස්දෙනෙක් අත්අඩංගුවට

Saturday, 23 December 2023 - 7:42 pm

රජයේ ඉඩම් ලබා දෙන බව පවසා කුරුණෑගල, රිදීගම සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශවල ජනතාව රවටමින් වංචනිකව මුදල් ලබා ගැනීමේ නිරතව සිටි පුද්ගලයින් කණ්ඩායමක් ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීගම පොලීසිය පවසනවා.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යනුවෙන් සඳහන් ස්ටිකර් හා නාම පුවරුද ප්‍රදර්ශනය කර තිබුණු වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී, ප්‍රදේශවාසීන් පිරිසකට සැක සිතී ප්‍රශ්න කිරීමේදී මෙම වංචනික ක්‍රියාව පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පස්දෙනා මාතලේ සහ කුරුණෑගල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එයින් එක් පුද්ගලයෙකු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ කාර්යාලයක සේවය කරන රජයේ නිලධාරියෙකු බවට හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
රිදීගම පොලිස් ස්ථානය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT