Local

රතු බිල්පත් නිකුත් කිරීම ගැන විදුලි බල මණ්ඩලයෙන් පැහැදිළි කිරීමක්

Wednesday, 06 December 2023 - 8:11 pm

විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු අතර බහුතර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවනු ලබන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව සාමාන්‍යයෙන් රතු බිලක් ලබා දෙන්නේ මාසයක් ගතවු පසුව බවත් ඊට අමතරව රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදීමෙන් අනතුරුව විදුලිය විසන්ධි කිරීම සිදුකරන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

විදුලිය විසන්ධි කළ පිරිස සහ යළි සම්බන්ධතාව ලබාදුන් පිරිස සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක්ද විදුලි බල මණ්ඩලය නිකුත් කර තිබෙනවා.

එම වාර්තාව අනුව 2019 වසරේ 573,073ක් විදුලිය විසන්ධිකර නැවත සම්බන්ධ කර ඇති බවත් 2023 වසරේ ඔක්තෝබර් මාසය දක්වා  544,488 කගේ විදුලිය විසන්ධි කර ​යළි සබඳතා ලබාදී ඇති බවද සඳහන්.

ලංකා විදුලිබල මණ්ඩලය හඳුන්වාදුන්  ඊ බිල් (e-bill) පත් ක්‍රමවේදය අනුව රතු බිල්පත් නිකුත් කිරීම ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් පවතින බව ද පෙන්වා දී ඇති එම මණ්ඩලය ඒ වෙනුවට ඉතා ඉක්මනින් හිඟ මුදල SMS මඟින් පාරිභෝගිකයන් වෙත දැනුම් දෙන බවත් එමඟින් ඉතා කාර්යක්ෂමව ගෙවිය යුතු හිඟ මුදල දැනුම් දෙනු ලබන අතර ම ක්‍රමවේදය රතු බිල්පත් මුද්‍රණය කර බෙදා හැරීමට වඩා කාර්යක්ෂම සහ ලාභදායි බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 

news images news images
 


Top Stories
wedivistara

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශයක් නිකුත් කරයි

wedivistara

කොච්චිකඩේ දේවස්ථානය අසලදී ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා මුදා හැරීමට නියෝග

wedivistara

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

wedivistara

නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහි රිට් පෙත්සම් 20ක් අභියාචනාධිකරණ විසින් ප්‍රතික්ෂේප කරයි

wedivistara

රැගෙන එන අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් බැහැර කරන ලෙස දළදා වන්දනාකරුවන්ට දැනුම්දීමක්

wedivistara

චාමර සම්පත් මැයි 05 දක්වා යළි රිමාන්ඩ්

Trending
wedivistara

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතුයි - රනිල්

wedivistara

සිරි දළදා වන්දනාව ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

wedivistara

පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා තියෙන්නේ ගම්මන්පිල - නලින්ද ජයතිස්ස

wedivistara

ලක්ෂ 57කට අධික මුදලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස්ගතවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

wedivistara

ජූනි මාසයේ සිට අලුත් පවුල් ලක්ෂ හතරකට අස්වැසුම ලබාදීමට කටයුතු කරනවා - ජනපති


NEWS ALERT