ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා පැවසීමෙන් අදහස් වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම්වන ලෙස දැනුම්දීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.
ජනාධිපතිවරුන් විසින් තමන්ගේ ධුර කාලය අවසන් වන විට එවැනි සුරංගනා කතා ප්‍රකාශ කරන බවයි (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ (18) කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබුණා.