Local

අටමස්ථානය නැරඹීමේ ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීම නිසා විදෙස් සංචාරකයින් අපහසුතාවට පත්වෙලා - සංචාරක මාර්ගෝපදේශකයින්

Monday, 08 January 2024 - 2:00 pm

අටමස්ථානය නැරඹීම සඳහා විදෙස් සංචාරකයින්ට නිකුත් කරන ඩොලර් 25 ක ප්‍රවේශපත්‍රයේ ගාස්තුව රුපියල්වලින් ගෙවීමේදී ඉහළ දමා ඇති බව විදෙස් සංචාරකයින් හා උතුරුමැද පළාත් සංචාරක මාර්ගෝපදේශ සංගමයේ සභාපති ලලිත් ප්‍රියන්ත පවසනවා.

ඒ අනුව එම මුදල ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් 8,075 ක් වන අතර ඇතැම් විදෙස් සංචාරකයින් ඩොලර්වලින් ගෙවීම් සිදුකළද බොහෝ සංචාරකයින් රුපියල්වලින් ගෙවීම් සිදුකරන අතර එහිදී ප්‍රවේශපත්‍රයක් සඳහා 9,600 ක් අය කරන බවයි සංචාරක මාර්ගෝපදේශකයින් සඳහන් කරන්නේ.

එහිදී අය යන්නේ ටිකට් පතේ සඳහන් ඩොලර් 25 ට වඩා වැඩි මුදලක් වන අතර එහිදී ටිකට් නිකුත් කරන්නන් සඳහන් කරන්නේ ටිකට් පත් සඳහා වැට් එකතු කර ඇති බවයි. කෙසේ නමුත් ටිකට් පතේ සඳහන් කර ඇත්තේ ඩොලර් 25 ක අගය පමණක් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT