Local

මෙරටට පැමිණෙන්නැයි නව රජයේ පලමු ආරාධනාව කියුබා අගමැතිට..

Tuesday, 22 October 2024 - 7:23 pm

අසල්වැසි ඉන්දියාව අමතක කර වත්මන් රජය පළමුවෙන් කියුබාවේ අගමැතිවරයාට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවත්, මෙය මංමුළා වූ පාරක ගමන් කිරීමක් බවත් සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක නලීන් බණ්ඩාර මහතා පැවසීය.

කොළඹ සමගි ජන සන්ධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් නලීන් බණ්ඩාර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“අපිට ආරංචියි මේ රජය තමන්ගේ පළමු නිල ආරාධනාව විදේශ රටක නායකයෙකුට කරලා තියෙන්නේ.එනම් කියුබාවේ අගමැතිවරයාට. ඒක ඇත්තටම විහිළු ජනක කාරණයක්. කියුබාව සහ ශ්‍රී ලංකාව අතර මොකක්ද තියෙන ආර්ථික බැඳීම? මොකක්ද තියෙන සමාජීය බැඳීම? අපිට නම් එහෙම එකක් පේන්නේ නෑ. කියුබාවේ ආර්ථිකය කොහේද තියෙන්නේ ? කියුබාව කියන්නේ කඩා වැටිලා තිබෙන රටක්. මේ අයට කියුබාව වීරයෝ වෙන්න පුළුවන් ෆිදෙල් කස්ත්‍රෝ නිසා. ඒත් අපිට නම් වටිනාකමක් නෑ කියුබාව කියන රටත් එක්ක සබඳතාවන් පැවැත්වූවා කියලා.

ඉතිහාසයේ එදා මෙදා තුර හැමදාම අපේ අසල්වැසියා, අපේ මිත්‍රයා , අපේ හිතවතා , දුකට සැපට හිටියේ ඉන්දියාව. අපේ සහෝදර රට තමයි හැමදාම ශක්තියක් වුණේ. සහෝදර රට තමයි අනාගතයේදී අපේ රටේ සේවා ආර්ථිකයට දැවැන්තම ඉඩකඩ විවර වන තැන. සහෝදර රටේ තිබෙන ආර්ථිකය තමයි අපි ජයග්‍රහණය කරන්න ඕනෑ. සහෝදර රටේ ඉන්න කෝටිපතියෝ, බිලියනපතියෝ අපි ලංකාවට ආකර්ෂණය කර ගන්න ඕනෑ.

සංචාරක කර්මාන්තය වෙන්න පුළුවන්, අධ්‍යාපන ක්ෂේත්‍රය වෙන්න පුළුවන්, සංස්කෘතික සබැඳියා වෙන්න පුළුවන්. එහෙනම් ඉන්දියාව නෙවෙයිද අපිට වඩාම වැදගත් රට. අපි කියුබාවටද ආරාධනා කරන්න ඕනෑ ? ඒක නිසා මේක මහා විහිළුවක් කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා කියුබාවේ අගමැතිවරයාට ආරාධනා කරලා මේ අය යන්නේ වැරදි පාරක. ප්‍රයෝජනයක් නැති පාරක. මංමුළා වෙන පාරක. ඒ නිසා මංමුළි වෙන පාරක නෙවෙයි යන්න ඕනෑ අපේ අනාගතයට වැදගත් වන නිවැරදි පාරක, නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක යන්න ඕනෑ.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT