Business

කාබන් මූල්‍ය ගිණුම්කරණය පිළිබඳ ගෝලීය හවුල්කාරීත්වය වන PCAF හා සම්බන්ධ වූ පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වෙයි

Friday, 02 August 2024 - 7:05 pm

කාබන් මූල්‍ය ගිණුම්කරණය පිළිබඳ හවුල්කාරීත්වය (PCAF) සඳහා අත්සන් කළ පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇත. මෙමගින් අත්සන්කරුවන්හට ඔවුන්ගේ මූල්‍ය ක්‍රියාකාරකම් හා සම්බන්ධ හරිතාගාර වායු විමෝචනය (GHG) මැනීමට හා ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබාදෙන ගෝලීය වැඩසටහනකට සම්බන්ධ වීමට හැකියාව ලැබේ.

තම මෙහෙයුම් වලින් පරිසරයට කාබන් මුදාහැරීම දැනටමත් 100% තුලනය කළ බව සහතික කර ඇති කොමර්ෂල් බැංකුව, PCAF සමඟ ඇතිකරගත් මෙම පෙරළිකාර හවුලකාරීත්වයට ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IFC) ද සහාය දක්වා ඇති අතර මෙය බැංකුවේ දේශගුණ සංක්‍රාන්ති සැලැස්මේ ප්‍රධාන අංගයක් ද වන බව බැංකුව පවසයි.

PCAF මඟින් මූල්‍ය කළඹවල කාබන් පියසටහන මැනීම සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා පොදු ක්‍රමවේදයක් සපයයි. විවිධ මූල්‍ය ආයතන වල ස්ථාවර වාර්තාකරණයට ඉඩ සලසා දෙමින්, මෙම ක්‍රමවේදය ගෝලීය GHG ගිණුම්කරණ හා වාර්තාකරණ ප්‍රමිතීන් වල පෙන්වා දී ඇති පරිදි මූල්‍යමය විමෝචන, පහසුකම් සලසා ඇති ව්‍යාපෘති වල විමෝචන හා රක්ෂණ ආශ්‍රිත විමෝචන පිලිබඳව සලකා බලයි.

“ගෝලීය මට්ටමේ හොඳම භාවිතයන් කොමර්ෂල් බැංකුවේ ක්‍රියාවන් දිරිමත් කරන අතර එමගින් විශේෂයෙන් ම අපගේ තිරසාරබව හා සම්බන්ධ මුලපිරීම් මෙහෙයවනු ලබයි,” යනුවෙන් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය. “පාරිසරික, සමාජයීය සහ යහපාලනය යන අංශ සම්පූර්ණයෙන් ආවරණය කිරීමේ කටයුතු සඳහා අපගේ ණය දීම් මගින් ඇති කරවන බලපෑම විනිශ්චය කරමින් අපගේ පරිසර හිතකාමී මෙහෙයුම්වල මායිම් පුළුල් කිරීම අපගේ අරමුණයි. කාබන් මූල්‍ය ගිණුම්කරණය පිළිබඳ හවුල්කාරීත්වය සමඟ අපගේ සහයෝගීතාවය මෙම ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. තවද, මෙම ප්‍රයත්නයේදී IFC වෙතින් ලබා දුන් අගනා මගපෙන්වීම හා සහයෝගය වෙනුවෙන් අපි අපගේ කෘතඥතාවය පුදකර සිටිමු.”

තිරසාර ආයෝජන දිරිගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුව මෑතකදී IFC සහ යුරෝපා සංගමය (EU) සමඟ හවුල්කාරීත්වයක් ඇතිකර ගත් අතර බැංකුවට ශුද්ධ - ශුන්‍ය සංක්‍රාන්තියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පදනම සකස් කර ගැනීමට උපකාර කිරීම සඳහා ACSIIS වැඩසටහන සමඟ ද එක් විය.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.


Top Stories
wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

wedivistara

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

wedivistara

නවකවදය නැති කරන්න කාර්යසාධක බළකායක්

wedivistara

දෙමටගොඩදී ත්‍රීරෝද රථ 06ක් හා මෝටර් රථයක් ගිනිබත් වෙයි

wedivistara

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සබරගමු විශ්ව විද්‍යා​ල සිසුන් විරෝධතාවක

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ


NEWS ALERT