Local

මැතිවරණයෙන් 50% ගන්නා බවට අනුර විශ්වාසයෙන්

Monday, 19 August 2024 - 7:51 pm

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට නිසැක වශයෙන්ම 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි අතර එය ඇතැම්විට සියයට හැට හැත්තෑව දක්වා වුවත් ඉහළ යා හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කොළඹදී අද (19) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,

'රනිල් දැන් කියනවා ආණ්ඩුව ගන්න ආරාධනා කළා ඒ වෙලාවේ අපි හැංගුණා කියලා. රනිල්ගේ තරමට ඔය වගේ දේවල් කිව්වට කමන්නේ නැහැ. හැබැයි ජනාධිපති නිසා ඔය වගේ දේවල් කියන්න එපා. අපි බලය ඉල්ලලා ගෝඨාභයට ලිපියක් යැවුවා. ඒ ලියුම හම්බුණා කියලාවත් පිළිතුරු එව්වේ නැහැ. පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරපු වෙලාවේ ඉතිං මාව ජනාධිපති කරන්න තිබුණානේ. එයාලා අපිට එහෙම බලය දෙන්නේ නැහැ. අපි කිසිසේත්ම පැනලා ගියේ නැහැ. අපි ලෑස්තියි රට භාරගන්න. 

දැන් සමාජය තුළ බියක් මවමින් තිබෙනවා. NPP ආණ්ඩුවක් ආවොත් මෙහෙම වෙයි කියලා. ඉතිහාසයේ ඇතැම් ඝාතන ගැන රනිල් වික්‍රමසිංහ ප්‍රචාරක මෙහෙයුමක් හදලා. අපි ඉතාමත් පැහැදිලිව කියනවා.  NPP ජයග්‍රහණයකින් පසු ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන්ට නිය තුඩකින්වත් හානිවෙන්න දෙන්නේ නැහැ. ඒ වගකීම අපි භාරගන්නවා. කුරුණෑගල සජබ රැස්වීමේදී එක මන්ත්‍රීවරයෙක් කිව්වා අපි බලයට ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහැර නවත්වනවා කියලා. ඒ ප්‍රකාශ කරපු මන්ත්‍රීවරයා අපේ පස්සෙන් ආවා තිස් හතලිස් වතාවක් අපිට එකට ගන්න කියලා. මේ අවලාද සහ අසත්‍ය තොරතුරු සහිත මැතිවරණය ව්‍යාපාරය දියත් කරලා තියෙන්නේ.'  

මාධ්‍යවේදියා - දැන් සමාජයට මතයක් යවලා තියෙනවා ලක්ෂ 70ක් ගන්නවා කියලා. ලක්ෂ 70ට යන්නේ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා?

'ගෝඨාභයගේ ලක්ෂ 69න් ලක්ෂ 50ක්ම සාම්ප්‍රදායික පොදුජන පෙරමුණු පාක්ෂිකයා නොවෙයි. සජිත්ට ලැබුණ ලක්ෂ 55 සජිත්ගේම ඡන්ද නොවෙයි එතන තිබ්බේ ගෝඨාභයට එරෙහි ඡන්ද. පක්ෂවලට ලියවිලා නැති ඡන්ද ලක්ෂ 80කට වඩා තියෙනවා. ලක්ෂ 12ක් අලුත් ඡන්ද තියෙනවා. ඒ නිසා NPP එකට ලක්ෂ 70 ඉක්මවන්න පුළුවන්. NPP 51% ඉක්මනවා. දේශපාලනිකව බලද්දි 60% - 70% ට කිට්ටු වෙන්නත් පුළුවන්.'

මාධ්‍යවේදියා - එදා නාමයෝජනා භාරදුන්න දවසේ අපි දැක්කා ඔබතුමා සුහද කතාබහක නිරතවෙනවා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එක්ක. මොනවගේ කතාබහක්ද ඇතිවුණේ ?

'කොහොමද මල්ලි' කියලා ඇහුවා අතට අතදීමයි දේශපාලන ප්‍රතිපත්තියි වෙනස්.
උඩඟු උද්දච්ච කෙනාව දැක්කනේ. ඒ වැඩේද මම කරපුදේද හොඳ? සාමාන්‍ය කෙනෙක් අත දුන්නත් නැගිටලා අතදෙනවා. මොන උඩඟු මිනිසෙක්ද? අපි කරපු දේ හරි, අර දේ වැරදි.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT